Skip to content

විශේෂ බලකා නිලධාරියකු වෙසින් මහනුවර නගරයේ සිසුන් කොල්ලකෑ අයෙකු අත්අඩංගුවට

යුද හමුදා විශේෂ බලකායේ බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් පෙනී සිටිමින් මහනුවර නගරයේ සිසුන් මංකොල්ල කෑ පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ ප්රධාන තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකු බියගන්වා මුදල් පැහැර ගත් අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර නගරයේ පෞද්ගලික අධ්යාපන ආයතන වල සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් ඔවුන් බිය ගන්වා දීර්ඝ කලක සිට මුදල් හා වටිනා දේ මංකොල්ල කා ඇති බව මොහුගෙන් ප්රශ්න කිරීමේදී හෙළිව ඇති අතර මෙම සිසුන් පන්ති ගාස්තු ගෙවන මාසයේ අවසන් දිනයන්හි මෙම මංකොල්ලකෑම් වැඩි වශයෙන් සිදුකොට ඇති බව ප්රශ්න කිරීමේදී හෙළිව ඇත.

මහනුවර ප්රිම්රෝස් උද්යානය ප්රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර මත් ද්රව්යවලට ඇබ්බැහි වූවෙක් බවද පොලිසිය කියයි. මෙම පුද්ගලයා යුධ හමුදා නිලධාරීන් භාවිතා කරන බූට් සපත්තු යුවලක් හා ආරක්ෂක අංශ නිලධාරීන් භාවිතා කරන ඇගළුම් හැඳ පැළඳ සිටි බව පොලිසිය සඳහන් කරන අතර එම අවස්ථාවේ පාසල් සිසුවාගෙන් පැහැර ගන්නා ලද රුපියල් 500 ක මුදලක්ද ඔහු අත තිබූ බව සඳහන් වේ.

පාසල් සිසුන්ගෙ මුදල් පැහැර ගන්නා කණ්ඩායමක් සිටින බව මෙම සිද්ධියට මුහුණ පෑ සිසුන් සඳහන් කරන අතර මුදල්, ජංගම දුරකථන, අත් ඔරලෝසු ඇතුළු වටිනා උපකරණ මෙම කණ්ඩායම විසින් සිසුන් බියකර පැහැර ගන්නා බවද ඔවුහු පවසති.

Latest