උඩුදුම්බර තලගුණේ රක්ෂිතයක හදීසියේම ඇති වූ ලැව්ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී දැඩි ප්‍රයත්නයක් දරා මැඩපැවැත්වීමට පියවර ගෙන තිබුණි..
තලගුණේ කඳු රක්ෂිතයේ හටගත් මෙම ලැව්ගින්න පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ.බී. නියංගොඩ මහතා විසින් යුද්ධ හමුදා සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් සූදානම් කොට එම ලැව්ගිනි ඇති වූ ප්‍රදේශය වෙතට යොමුකිරීමට කටයුතු කරනු ලැබීය.


මෙහිදී මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී දැඩි පරිශ්‍රමයක් දරා ගින්න කඳුකර රක්ෂිතයට ව්‍යාපත් වීමට නොදී කඩිනමින් පැය කිහිපයක් තුලදී මැඩපැවැත්වීමට කටයුතු කළහ.
යුදහමුදාව නොසිටියේනම් ගින්න කඳුකර රක්ෂිතයටම පැතිර යාමෙන් මහත් විනාහයක් වීමට ඉඩතිබූ බවටද ප්‍රදේශවාසීණ් මෙන්ම වනසංරක්ෂණ නිලධාරීන් පවසා සිටියහ.


