Skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා වෙනත් දේශපාලනඥයින්ගේ දේපල සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිලිබඳ තොරතුරු ඉල්ලීම

තොරතුරු නිළධාරී,
හානි පූර්ණය සඳහා වන කාර්යාලය.

මහත්මයානෙනි, මහත්මියනි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පහත තොරතුරු මා වෙත සපයාදෙන මෙන් ඉල්ලාසිටිමි.

2022 මාර්තු 31 සිට ජූලි 22 දක්වා කාලසීමාව තුලදී මෙරට තුල ක්‍රියාත්මක වූ පුරවැසි අරගලය ආශ්‍රිතව ඉස්මතු වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් හානියට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා වෙනත් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ දේපල සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවක සබැඳියක් පහත දැක්වේ.

https://sinhala.adaderana.lk/news/187058

මෙකී මාධ්‍ය වාර්තාවේ සඳහන් වන පරිදී මේ වන විට රුපියල් මිලියන 519 ක මුළු වන්දි මුදලක් ගෙවා අවසන් කර ඇති  ප්‍රාදේශීය දේශපාලකයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනාගේ නාම ලේඛනයක්, ඒ ඒ පුද්ගලයා වෙත  ගෙවා ඇති වන්දි මුදල සහ ඒ වන්දි මුදල් ගෙවා ඇත්තේ සිදුවූ කවරාකාරයේ දේපල හානීන් සඳහාද ( නිවාස / කාර්යාල / වාහන යනාදී වශයෙන් ) යන කරුණුද පැහැදිලිව වෙන වෙනම දක්වමින් ඉදිරිපත් කරන්න.

මෙකී පුද්ගලයින් 73 දෙනා විසින් තමන්ගේ දේපල සඳහා සිදුවූ හානිය සඳහන් කරමින් රජය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශන වල සහතික කල මෘදු පිටපත බැගින් ඉදිරිපත් කරන්න.

මෙකී පුද්ගලයින් 73 දෙනා අතරින් ඒ ඒ පුද්ගලයා සඳහා සිදුවී ඇති දේපල හානි පිළිබඳ රජය විසින් තක්සේරු කරන ලද වටිනාකම ඇතුලත් ලේඛනවල සහතික කල මෘදු පිටපත බැගින් ඉදිරිපත් කරන්න.

( ඒ ඒ පුද්ගලයාට අයත් හානියට පත්  චංචල හා නිෂ්චල දේපල මොනවාද යන්න සහ රජය විසින් ඒ ඒ දේපල සඳහා තක්සේරු කර ඇති වටිනාකම ඇතුලත්ව)

අයැදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකි.

ස්තූතියි !!!

Latest