Skip to content

X වෙතට​ biometric සහ​ රැකියා ඉතිහාසය පිළිබඳ දත්ත ලබා දීමට ඔබ සූදානම් ද​?

X සිය​ ගිණුම් හිමියන්ගේ (මීට පෙර twitter වශයෙන් හැඳින්වූ) ජෛවමිතික (biometric) සහ ඔවුනගේ රැකියාවන් ආශ්‍රිත තොරතුරු මෙම සතිය තුල දී එක් රැස් කිරීමට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ගිණුම් හිමියන් විසින් වෙබ් අඩවියට නිරාවරණය කළ හැකි පුද්ගලික තොරතුරු පරාසය වඩාත් පුළුල් කිරීම මෙහි මූලික​ අරමුණ වී තිබේ. ආයතනයේ privacy policy යාවත්කාලීන කිරීමක් අනුව යමින් මෙම දත්ත රැස් කිරීමට අදාළව ප්‍රධාන කොටස් ද්විත්වයක් දක්වා ඇත​.

ගිණුම් හිමියාගේ කැමැත්ත මත පදනම්ව, අදාළ ගිණුමේ ආරක්‍ෂාව සහ හඳුනාගැනීම පිණිස biometric තොරතුරු රැස් කරගනු ලබයි. මීට අමතරව, "රැකියා අයදුම්පත්" යනුවෙන් ලේබල් කරන ලද නව අංශයක් හඳුන්වාදීමට ද නියමිත අතර ඒ සඳහා තොරතුරු එක් රැස් කර ගැනීමක් වශයෙන් X විසින් පරිශීලකයින්ගේ රැකියා සහ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳ දත්ත රැස් කරනු ඇති.

පරිශීලකයින්ට විවිධ වූ රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කිරීමට රුකුලක් වශයෙන් ඔවුනගේ කුසලතා සහ හැකියාවන් මෙන්ම තමා නියැළීමට කැමති ක්‍ෂේත්‍රයන් පිළිබඳ තොරතුරු ද ආයතනය විසින් රැස්කර ගනු ඇතැයි සඳහන් ය​. රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත්කිරීම් යොමු කිරීමටත් තෙවන පාර්ශවීය සේවා යෝජකයන් වෙතට තොරතුරු යොමු කරමින් සම්බන්ධීකරණය හෝ වෙළඳ දැන්වීම් හරහා පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් අවස්ථා සම්ප්‍රේශණය කිරීමත් මෙමගින් සිදු කෙරේ.

X Premium භාවිතා කරන්නන් සඳහා, සත්‍යාපනය​ කිරීම පිණිස රජයේ හැඳුනුම්පතක් සහ සෙල්ෆි ඡායාරූපයක් සැපයීමට සමාගම විසින් විකල්ප අවස්ථාවක් ලබා දෙනු ඇතැයි ද වාර්තාවන් හි දැක්වේ. ඒ අනුව රජයේ හැඳුනුම්පත සහ සෙල්ෆි ඡායාරූපය යන දෙකින්ම ආයතනයට අවශ්‍ය කරන ජෛවමිතික දත්ත රැස් කර ගැනීමට හැකියාව පවතින බවද වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

X, formerly known as Twitter, may collect your biometric data and job history | CNN Business
X, the social media platform formerly known as Twitter, said this week it may collect biometric and employment information from its users — expanding the range of personal information that account-holders may be exposing to the site.

Latest