හඳුනා නොගත් යානා සහ ජීවීන් පිළිබඳව ඇමෙරිකානු කොන්ග්රස් සභිකයන් විසින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද සවන්දීම් වලින් අනතුරුව, ලෝකයේම අවධානය මීට දින කිහිපයකට පෙර යොමු වූවේ මෙක්සිකානු රජයේ කොන්ග්රසය වෙතටයි. එයට හේතුව වන්නේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කල හැකි සිරුරු කිහිපයක් ලෝකය හමුවේ ඔවුන් විසින් නිරාවරණය කිරීම හේතුවෙනුයි. පූර්ණ විශ්වාසයකින් හෝ එහිම අනෙක් අන්තයෙක් සිදුවීම දෙස යොමුවනවා වෙනුවට, මේ වනවිට පෙළගැසී ඇති කරුණු පිළිබඳව මධ්‍යස්ථව විමසා බැලීම පාඨක ඔබ හටද ඔබගේම විනිශ්චයක් ලබා දීම සඳහා පහසුවක් වනු ඇත. මෙහි ප්‍රශ්නාර්ථය වන්නේ මනුෂ්‍ය නොවන ජීවීන්ගේ සිරුරු ඇතැයි බොහෝ සෙයින් සංවාදයට ලක්වූ ඇමෙරිකානු රජය විසින් හෝ ලොව වෙනත් කිසිදු රජයකින් මෙවැනි අනාවරණයක් මීට පෙර සිදු කර නොතිබීම ය.
මෙක්සිකානු රජය විසින් අනාවරණය කරන ලද මෙම සිරුරු ද්විත්වය පේරු රාජ්‍යයේ Cusco නගරයෙන් 2017 වසරේදී හමු වී ඇතැයි වාර්තා වන අතර මොවුහු පෘථිවි ජීවීන්ගේ පරිණාමයේ කොටසක් නොවන බවටද සැලකේ. කාබන් පරීක්ෂාවන් අනුව විවිධ අගයන් වාර්තාවී තිබුණ ද ආසන්න වශයෙන් මෙම සිරුරු වසර දහසක් පමණ පැරණි විය හැකි බවට සඳහන් කර තිබේ. හඳුනා නොගත් වස්තූන් පිළිබඳ කරුණු විමසීම සඳහා කැඳවා තිබූ මෙක්සිකානු ප්‍රථම කොංග්රස් හමුවේදී මෙකී සිරුරු නිරාවරණය වීම ද විශේෂත්වයකි. මෙහිදී ආන්දෝලනයට තුඩුදුන් සහ සංවාදයක් ගොඩනැගිය හැකි පුද්ගලයෙකු ද වන අතර, මාධ්‍යවේදියෙකු මෙන් ම UFO වේදියෙකු වන ඔහු නමින් Jaime Maussan ය. ඔහු ප්‍රසිද්ධ conspiracy theorist කෙනෙකු වශයෙන් ද හැඳින්වෙන අතර Maussan ප්‍රකාශ කර තිබුණේ මෙම සිරුරු වසර 700ත් 1800ත් තරම් ඉපැරණි ඒවා බවටයි.

කොන්ග්රසය ඉදිරියේදී Jaime Maussan සිදු කරනු ලැබූ ප්‍රකාශය අනුව ගත් විට වෙනත් ජීවී විශේෂයක පැහැදිලි සහ ප්‍රබල සාක්ෂියක් එළිදක්වනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර; ලොව ඕනෑම පර්යේෂණ ආයතනයකට මෙම සිරුරු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාව හිමිවන බව ඔහු විසින් පවසා තිබීම හරහා ද මෙම කරුණ එක්වරම බැහැර කිරීම සඳහා විෂය ප්‍රාමාණිකයන්ට හැකිවන්නේ නැත. ඇඟිලි තුන බැගින් වූ දෑතකින් සහ සාපේක්ෂව විශාල හිසකින් සමන්විත සිරුරු තරමක් හාස්‍ය උපදවන අතරම බොහෝ විට අප විවිධ සිනමා නිර්මාණ හරහා දැක ඇත්තේ මෙවන් ජීවීන්ම නොවේදැයි ඔබට ද සිතීමට පුළුවන.

Maussan වැඩිදුරටත් සඳහන් කරනු ලබන ආකාරයට මෙම ජීවී නිදර්ශකයන් මෙක්සිකෝවේ https://en.wikipedia.org/wiki/National_Autonomous_University_of_Mexico හි අධ්‍යයනය කරනු ලැබ ඇති අතර විද්‍යාඥයින් සනාථ කර ඇතැයි සැලකෙන්නේ සිරුරු වල DNA මිනිසාට සම්බන්ධයක් නොදක්වන බවටය.
ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝවේ සඳහන් ආකාරයට මෙම සිරුරු යොදාගනිමින් සිදු කරන ලද පරීක්ෂණයන් අතර Rayos X, TOMOGRAFia DIGITAL, Carbon 14 සහ ජීව විද්‍යාත්මක පරිගණක විශ්ලේෂණ වැනි මිල අධික පර්යේෂණ ගණනාවක් ඇතුලත් ය. මෙකී පර්යේෂණයන් සඳහා සම්බන්ධ ප්රමුඛ පෙළ ආයතනයන් ගත්විට Lakehead University, BioTecMol, සහ CEN4GEN වැනි ආයතන හැඳින්වීමට පුළුවන. ඔවුන් පවසා ඇති ආකාරයට සියලු අභ්‍යන්තරික ඉන්ද්රියයන් මෙම සිරුරු තුල නිරුපද්‍රිතව පවතින අතර මෙකී ආයතනයන්ගේ විද්‍යාඥයන් විසින් සම්පූර්ණ ජාන කේතය ලබා ගැනීමට ද සමත් වී තිබේ.
තත්වය මෙසේ පවතින විට සහ මෙක්සිකානු පාර්ශවයෙන් මෙලෙස කරුණු ඉදිරිපත් කරන පසුබිමක ලොව පිළිගත් livescience වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙන්නේ මෙකී සිරුරු වල අත් සහ පාදයන් ඉතාම කූට ලෙස සකස් කොට ඇති බවයි. ඔවුන් විසින් පළකරන ලද සම්පූර්ණ විස්තරයන් ඔබට පහතින් දැක බලා ගත හැකියි.

පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට කරුණු තහවුරු කර ගන්නා තුරු ව්‍යාජ නිදර්ශකයන් වශයෙන් විවේචනය කිරීමෙහි යම් සදාචාරාත්මක පසුබිමක්ද ඇති නමුදු; මීට පෙර මෙක්සිකෝවේ රජය විසින් මේ හා සමානව ඉදිරිපත් කරන ලද යම් යම් කරුණු ව්‍යාජ බවට තහවුරු වීම මගින් මෙම ප්‍රතිතර්කයන් සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට ද අපහසු වී තිබේ. උදාහරණයක් වශයෙන් මීට පෙර පේරු රාජ්‍යයෙන් අසාමාන්‍ය දිගු හිසක් සහිත මමී කිහිපයක් හමුවීමත් සමග මෙක්සිකානු රජය විසින් තමන් වෙනත් ජීවීන් කොට්ඨාසයක් සොයා ගන්නා ලද බවට සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව මානව විද්‍යාඥයින් විසින් එම නිදර්ශක පරීක්ෂා කරන ලදී. එහිදී අවසානාත්මක නිගමනය වී ඇත්තේ ඒවා හඳුනා නොගත් ජීවීන්ගේ සිරුරු නොවන බවටයි.
කරුණු වැඩිදුරටත් විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ එය පුරාතන පේරුහි වැසියන් විසින් ආගමික පිළිවෙතක් මත සිදු කරන ලද කටයුත්තක ප්‍රතිඵලයක් බවය. මෙහිදී සටහන් කල යුතු තවත් එක් විශේෂම කරුණක් ද වන අතර උක්ත මෙක්සිකානු කොංග්රස් සමුළුව සඳහා විශේෂිත පුද්ගලයෙකුද සහභාගී වී ඇත. ඔහු හිටපු ඇමෙරිකානු නාවික හමුදා නියමුවෙකු වූ රයන් ග්‍රේව්ස් මහතාය. ඔහු විසින් එහිදී සඳහන් කරනු ලැබුවේ https://www.safeaerospace.org/ Americans for Safe Aerospace සංවිධානය බිහි කරලීමේ අරමුණ වූයේම හඳුනා නොගත් යානා නැතිනම් UAP (unidentified anomalous phenomenon) සම්බන්ධව කඩිනම් විද්‍යාත්මක විමර්ශණයන් සිදු කිරීමේ අවශ්‍යතාවය පවතින නිසා බවය. මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණු ලෙස සැලකෙන්නේ මෙකී හඳුනා නොගත් සිදුවීම් පිළිබඳව සාමාන්‍ය ජනයාගේ දැනුම වැඩිදියුණු කිරීම, සිදුවීම සම්බන්ධව විනිවිදභාවය ඉහළ නැංවීම සහ විශේෂයෙන්ම සගවා සිටින රහස් හෙළිදරව් කිරීමය.
ඇමෙරිකානු කොංග්රස් සභිකයන් හමුවේ ඉකුත් කාල සීමාවේ ඔහු විසින් පවසා තිබුණේ එරට රජය හඳුනා නොගත් යානා පිළිබඳ ඉදිරිපත් කරනු ලැබූ කරුණු වලට වඩා අතිරික්තයක් පිළිබඳව තමා විසින් දැනුවත් බවයි. 2023 ජුලි මාසයේදී ඔහු ඇතුළු තවත් පිළිගත හැකි වෘත්තීන්හි නියැලුණු දෙදෙනෙකු විසින් (David Grusch, David Fravor) කොංග්රස් සභිකයක් ඉදිරියේ සිදු කරනු ලැබූ අනාවරණය නිසා ලොව පුරා මෙම විෂය සම්බන්ධයෙන් උනන්දුවක් පවතින බොහෝ දෙනාගේ අවධානය ඒ වෙතට යොමු වූ බව ඔබට මතක ඇති.

ඔහු විසින් පවසන ලද කරුණු සංක්ෂිප්තයක් වශයෙන් ගත් කල හඳුනා නොගත් අයථා සංසිද්ධීන් දුර්ලභ ඒවා නොවන බවත්, නිරන්තරයෙන්ම සිදු වන නමුත් පුහුණුව ලත් හමුදා ගුවන් නියමුවන්, වාණිජ ගුවන් යානා නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයන් විසින් ඒවා වාර්තා නොකරනු ලබන බවත් සඳහන් කර තිබේ. Ryan Graves පිළිබඳව හැඳින්වීමක් සිදු කරන්නේ නම් ඇමෙරිකානු නාවික හමුදාවේ සේවය කරනු ලැබූ ඔහු F-18 ගුවන් නියමුවෙකු වශයෙන් සිය රාජකාරි සිදු කරන ලදී. සේවය කරන සමයේ වර්ජිනියා වෙරළ තීරයට ඉහළින් පියාසැරි කිරීමේදී හඳුනා නොගත් පියාසැරි වස්තූන් කොතෙකුත් තමා විසින් දැක ඇති බවද ඔහු විසින් සඳහන් කර තිබුණි.
සටහන, මෙම හෙළිකිරීම සිදු කරන ලද Jaime Maussan වෙතට නැවත යොමු කලහොත් 2017 වසරේදීම පේරු රාජ්‍යයෙන් සොයාගැනුණු පිටසක්වළ ජීවීන්ගේ යැයි ඔහු විසින් පැවසූ මමී කිහිපයක් පසු කාලීනව කුඩා දරුවන්ගේ මමීකෘත බවට හෙළිව තිබේ. එසේම සාමාන්‍යයෙන් මා විසින් පරිශීලනය කරනු ලබන CNN වැනි පිළිගත් මාධ්‍ය ජාලයකද සටහන තබන මොහොත වන තෙක්ම මෙම කරුණු පිළිබඳ කිසිවක් වාර්තා කර නොතිබිණි.
මේ පිළිබඳව තවදුරටත් ඉදිරියේදී අනාවරණය විය හැකි කරුණු පිළිබඳ යාවත්කාලීන වීම හරහා පාඨක ඔබට ඔබගේ මතය වෙනුවෙන් කරුණු පෙළගස්වා ගත හැකි වනු ඇති අතර; මෙම සිදුවීම පූර්ණ වශයෙන් විශ්වාස කිරීමට හෝ අවිශ්වාස කිරීමට පෙළඹෙනවාට වඩා කාලයට ඉඩ දී විචක්ෂණශීලීව සහ මධ්‍යස්ථ මතයක සිටීම නුවණට හුරුය. Sanjaya Elvitigala අපගේ සහෘදයාගේ මනස්ගාත පොඩ්කාස්ටය හරහා මෙම විෂය පිළිබඳ උනන්දු ඔබට පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකි බව ද සිහිපත් කරමින් සටහන නිමා කරමි.