වත්මන් පාලකයින් රට ආර්ථික වශයෙන් පරිහානියට පත්කරමින් ජනතාව රවටමින් රටේ සියලු කොටස් විදේශකියින්ට විකුණා රට හිඟාකන තත්වයට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.
පමුණුගම ප්‍රදේශයේ ආශිර්වාද පූජාවකට එක් වෙමින් අගරදගුරු හිමිපාණෝ මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණො පවසා සිටියේ,
"අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු දික්ඕවිට. මොනවද මේ සිහින ? මේවා කරන්න පුළුවන් දේවල්ද ? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ය රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ.
මෙහෙම කරන්න බැහැ මේ රටේ ජනතාවගේ නිශ්පාදන ශකිතිය වැඩිකරන වැඩපිළිවල මිසක් පිටරටවලින් ගෙනල්ලා කාලා බීලා ජීවත්වන න්‍යායන් අපට පිළිගන්න බැහැ. මේ ප්‍රකාශය රට පාලනය කරන පක්ෂ වලට වගේම අනිත් පක්ෂවලටත් වලංගුයි. මේ රටත් හයිටියට වුනා වගේ වෙන්න දෙන්නා බැහැ. මේ රටේ ආර්ථිකය ගොඩනගාගන්න විශේෂ ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ රට ගත්ත ණය වලින් කොපමණක් ජනතාව වෙනුවෙන් වියදම් කරල තියනවාද, ගොවි ජනතාව වෙනුවෙන් කොපමණක්ද , දේශීය නිශ්පාදනයන් දියුණු කිරීම සඳහා සැලසුමක් අවශ්‍යයි, මේ මහමහුදේ කිලෝමීටර් 200 ක් අතුලත තිබෙන මත්ස්‍ය සම්පත දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් මේ වනතුරුත් ලැබිලා නැහැ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත්නම් විනාශ වෙනවා." යනුවෙනි.