Skip to content

අපවත් වී වඳාල මාදුළුවාවේ සෝභිත හිමි 81ක් වන ජනම දිනය සැමරේ

‌සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 81 වෙනි ජන්ම දින සංවත්සර උත්සවය මැයි 29 දින පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය අසළ සෝභිත නාහිමි පිළිරුව අභියස දී පැවැත්විණ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් මහියංගනයේ පඤ්ඤානන්ද හිමියන් විසින් සංවිධානය කරන ලද උත්සවය සඳහා එම ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා , එක්සත්  ජනරජ පෙරමුණ  නායක පාඨලී චම්පික රණවක මහතා, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා  ඇතුළු පිරිසක් ද සහභාගී විය

Latest