Skip to content

ගුරු හිඟය පියවන්න විද්‍යාපීඨ හා උපාධි ලාභීන් 13000 ට පත්වීම්

පාසැල් වල පවතින ගුරු හිඟයට පිලියමක් ලෙසින් විද්‍යාපීඨ පුහුණුව ලැබු 7500 ට ජූනි 16 වනදා සිට ගුරු පත්වීම් ලබා දෙන බවත් එමෙන්ම වයස 35 නොඉක්මවු උපාධිධාරීන් 5,500 ,ක් ගුරු වෘතිය සඳහා නුදුරේදිම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද 14 පවසයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා දැනට පාසැල් වලට අවශ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතිනව ඒ නිසා විද්‍යාපීඨ වල පුහුණුව ලැබු 7500 ක් සඳහා ජුනි 16 වනදා ගුරු පත්වීම් ලබා දෙනවා එමගින් තරමක සහනයක් ලැබුනත් එය ප්‍රමාණවත් නෑ ඒ නිසා වයස 35 අඩු උපාධිධාරීන් 5500 කඩිනමින් බඳවා ගැනීමටත් අප පියවර ගෙන තියෙනවා භාෂා තුනටම අයත් උපාධිධාරීන් සඳහා මෙම ගුරු පත්වීම් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලැබෙනවා පාසැල් වලට භෞතික සම්පත් ලබා දෙනවා වගේම මානව සම්පත් ද ලබා දී විදුහල්පති වරුන්ට නිදහසේ කටයුතු කිරිමේ අවස්තාව සලස්වා දීම තම වගකීමක් බවත් පෙන්වා දෙනු ලැබීය

Latest