Skip to content

Apple iPhone 15 සහ​ Watch Series 9 එළි දැක්වීම​

"Wonderlust" තේමාව යටතේ සැප්තැම්බර් 12වන දින ඇපල් නවතම එළි දැක්වීම් වූ Apple Watch series 9 සහ​ iPhone 15 series, මිලියන ගණනක ලොව පුරා සජීවීව එක්වූ ප්‍රේක්‍ෂකයන් හට ගෙන හැර පානු ලැබුවා. Apple Watch series 9හි capabilities සහ performance විශාල පරාසයකින් වැඩි දියුණු කරලා තිබෙනවා වගේම ඒ පිටිපස්සේ තියෙන රහස තමයි S9 SiP එක​. බිලියන 5.6ක ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයකින් සමන්විත එහි Graphics processing unitය සීරියස් 8 වලට වඩා 30% කින් වේගවත්. ඇනිමේෂන් වගේම effects Watch OS 10 සමග වඩාත් පැහැදිලිව අත්විඳගන්නත් පුළුවන්. S9 සතු 4 core neural engine හරහා machine learning tasks දෙගුණයකින් වේගවත් වෙලා තිබෙනවා. තමන් සතුව​ HomePod එකක් තිබෙනවා නම්, watch එක සහිතව ඔබ ඒ අසලට යන විට​ පොඩ්කාස්ට්, ඇපල් මියුසික් වගේ suggestions automatically appear වෙන පහසුකමත් අළුත්ම සීරියස් එකේ තිබෙනවා.

Double Tap ඇපල් වොච් සීරියස් එකේ හඳුන්වා දුන්නු හොඳම feature එකක් කීමේ වරදක් නැහැ. ඒක සරලව පැහැදිලි කලොත් වොච් එකේ පෙන්වන කෝල් එකක් ආන්සර් කරන්න ඔයාලට කරන්න තිබෙන්නේ මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල දෙපාරක් ටැප් කරන එක​. මේ Gesture එකම නැවත වතාවක් සිදුකලහම ඔයාලට ඇමතුම විසන්ධි කරන්නත් පුළුවන්. Double Tap හරහා ටයිමර් එකක් නවත්වන්නත් Music play & pause කරන්න වගේම එලාම් එක snooze කරන්නත් හැකියාව තිබෙනවා. පහතින් ඔයාලට​ Apple Watch series 9 පිළිබඳව පූර්ව ප්‍රචාරක වීඩියෝව​ දැකබලා ගන්න පුළුවන්.

Watch Series මොඩ්ල්ස් සහ මිල ගණනුත් මම පහතින් අමුණන්නම්..

දැන් අපි යොමුවෙන්න හදන්නේ ඔයාල හැමෝම ආසාවෙන් බලා උන්නු iPhone 15 වෙතට​..

iPhone 15 එකේ Dynamic Island විදිහට ඉදිරිපස කොටස හඳුන්වල දීලා තිබෙනවා වගේම notifications සහ ඒ ඒ Live activities අනුව මෙම කොටස expand වෙන විදිහටයි design කරලා තියෙන්නේ. ඒ වගේම iPhone 15 එකේ Main Camera එක මෙගා පික්සල් 48ක්. (48MP)

USB C කේබල් එක අයිෆෝන් 15 වලට හඳුන්වා දෙන්න කටයුතු කරල තිබෙනවා වගේම ඔබ සතුව Mac book හෝ iPad වගේම​ Airpod pro 2nd generation එකක් තිබෙනවා නම් ඒ සඳහාත් මෙම කේබල් එක භාවිතා කල හැකියි. කියවන එක තරමක් අලස වෙන්න පුළුවන් නිසාම 15 වල තිබෙන ෆීචර්ස් සහ මිල ගණන් මම පහතින් ඇතුලත් කරන්නම්.

iPhone එකකට එදා මෙදා තුර භාවිතා කරන ලද premium material එක වන​ Titanium තමයි 15 Pro එකට භාවිතා කරලා තිබෙන්නේ. ඔවුන් මෙය හඳුන්වනු ලබන්නේ "Lightest Pro Models ever" වශයෙනුයි. මෙතෙක් තිබුණු silent switchය 15 Pro වල​ Action Button විදිහට වැඩිදියුණු කරලා තිබෙනවා සහ​ අවශ්‍යනම් ක්‍ෂණිකව voice memo එකක් රෙකෝඩ් කිරීමට වගේම cameraව​ launch කිරීම වගේ දේවලුත් Action Button එක හරහා පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. 5x optical zoom telephoto camera එකේ වැඩිදියුණු කිරීම් සිදු කරලා තිබෙන්නේ පහත පරිදියි.

iPhone 15 Pro හරහා Spatial Video capture කරන්නත් දැන් හැකියාව තිබෙනවා. Pre orders සැප්තැම්බර් 15 වනදායින් ආරම්භ වනවා වගේම පහතින් 15 Pro ෆීචර්ස් සහ මිල ගණන් බලාගන්නත් පුළුවන්.

Latest