මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් වියලි කලාපයේ වැව් බොහෝමයක් සිදී ගොසිනි.වැව් සිදී යමින් තිබෙන විට එක්තරා පිරිසකගේ අත - මිට සරු වන්නේය.ඒ වැව් පතුල් වල ඇති නෙළුම් අල හාරා අලවි කරන අහිංසක මිනිස්සුන්ගේය.තවත් පිරිසක් වැව් වැලට බැස නෙළුම් අල හාරන්නේ අලවි කරන්නට නොව කුස ගින්න නිවා ගන්නටය.
අපේ රටේ කුඩා සහ විශාල ප්‍රමාණයේ වැව් දස දහසකට අධික ප්‍රමණයක් ඇත.මේ සෑම වැවකම අනිවාර්යෙන්ම නෙළුම් හෝ ඕලු දකින්නට ඇත.
දේශීය ආහාර වේල රසවත් කරන ප්‍රනීත ව්‍යාංජනයක් ලෙසද නෙළුම් අල දක්වන්නට හැකියාව අපිට තිබෙනවා.අපේ රටේ ස්වාභාවිකව වැව් පතුල් වල මේ නෙළුම් සහ ඕලු අල නෙලා ගන්නට හැකි නිසා ලොකු අගයක් නම් අපේ අයට දැනෙන්නේ නැතිව ඇති.නමුත් චීනය,ජපානය වැනි රට වල් වල නෙළුම් අල වගා කිරීම වානිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
වාර්ෂිකව ජපානය නෙළුම් අල කිලෝ 62,200 ක් පමණ නිෂ්පාදනය කරති. චීනය තම රට තුළ නෙළුම් අල සඳහා වගා කරන භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ 5 ඉක්මවයි.වාණිජ නෙළුම් වගා කිරීමේ ඇති වාසි වන්නේ නෙළුම් මල්, කොළ මෙන්ම අලද වාණිජ වටිනාකමක් සහිත වීමයි. චීනය සහ ජපානය වැනි රටවල් නෙළුම් අල වෑංජනයක් ලෙස ද ක්ෂණික අහාරයක් ලෙස චිප්ස් ආකාරයෙන්ද පරිභෝජනය කරයි.
වාණිජ නෙළුම් වගාවක් සඳහා ශ්‍රී ලංකාව තුළ ඉතා හොඳ පරිසරයක් මෙන්ම විභවයක්ද පවතී. ශ්‍රී ලංකාවේ ආගමික කටයුතු සඳහා නෙළුම් මල් බහුලව භාවිතා කරයි. ආහාර පිළිගැන්වීමේ දී දවටනයක් ලෙස භාවිතා කරන අතර නෙළුම් අල මාළුව ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සුලභ ආහාරයක්ද වෙයි. මේ නිසා ලංකාව තුළ වාණිජ වගාවක් ලෙස නෙළුම් හොදින් පවත්වාගෙන යා හැක. නමුත් අවසානාවකට දුප්පත්කම තුරන් කරනවා යැයි කියා බලයට එන සහ එන්නට උත්සාහ කරන කිසිවකුත් ඒ ගැන නම් හිතන්නේම නැත.එය ජාතියේම අවාසනාවක් නොවන්නේද?


