Skip to content

අනවසරෙන් කැපූ තේක්ක දැව තොගය පොලිස් අත් අඩංගුවට

අනවසරයෙන් කැපු තේක්ක දැව කදන් 49ක් සහ ලෑලි 352ක්   බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස බදුල්ල දෙසට  ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්  පුද්ගලයින් 4 දෙනෙකු සමග මීගහකිවුල  බලගොල්ල ප්‍රදේශයේදී 10වන දින අලුයම 3.00ට පමණ අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.

කන්දකැටිය පොලිසියේ කොට්ඨාශ බුද්ධි ඒකකයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගහකිවුල බලගොල්ල සහ බදුල්ල බදුලුපිටිය පදිංචි වයස අවුරුදු 31,32,39 සහ 52 අය වන බවත් ඔවුන් දැව තොගය සහිත ලොරිය සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest