Skip to content

අනුරපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පොල්ගස්ඕවිට දී රෝපණය කෙරේ

‌අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවනේ සිට පොල්ගස්ඕවිට සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානය වෙත වැඩමවූ , ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම මැයි මස 27 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් එම භික්ෂු මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණ.

ප්‍රථමයෙන් අනුරාධපුරයේ සිට වැඩමවූ බෝධි අංකුරය, පොල්ගස්ඕවිට 341 බස් මාර්ගයේ වැව පාර අසලින් ආරම්භ කරන ලද පෙරහැරකින්  භික්ෂු මධ්‍යස්ථානය වෙත වැඩමකරවන ලදී. ඉන් අනතුරුව යෙදී තිබුනු සුභ මොහොතින් වැඩමවා වදාල මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද බෝධි අංකුරය ඒ වෙනුවෙන්ම තනවා තිබූ තිබූ ස්ථානයක රෝපණය කෙරිණ.

ඉන් අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන් විසින් සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෲ පූජ්‍ය  සියඹලාගොඩ ධම්මින්ද  ස්වාමීන්වහන්සේ වෙත බෝධි අංකුරය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ සහතිකය කියවා එය උන්වහන්සේ වෙත ප්‍රධානය කරන ලදී.

එසේම වැඩමවා වදාල මහා සංඝරත්නය විසින් එම භූමියේ ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කල අතරම බෝධීන් වහන්සේ වටා සවිකෙරෙන රන් වැට සවිකිරීම ද සිදුවිය.

Latest