Skip to content

කරත්ත වුනු අනුරාධපුර සිසු සැරිය බස්. 106 න් 65 ක්ම තහනම් කරයි.

පාසල් ප්‍රවාහන සේවාවට නුසුදුසු බස්රථ සහ වෑන්රථ සොයා ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ  අනුරාධපුර නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් රථ වාහන අංශය නිලධාරීන් එක්ව අනුරාධපුර නරයේ පාසල් දරුවන් රැගෙන යන බස්රථ ගාල්කොට ඇති ස්ථානයන්හි මෙහෙයුමක් දියත් කළා.

එහිදී අනුරාධපුර නගරයේ පාසල් වලට පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ පවතී ද යන්න පිළිබඳව සොයා බැලීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය..

මෙම මෙහෙයුමේදී ඇතැම් බස් රථ වල සවි කර තිබු ස්ටිකර් එම බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස පැවති අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.

ඉවත්කරන ලද බස් රථවල පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින දහ හතරක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු  නිලධාරීන් එම රියදුරන්ට තරයේ උපදෙස් ලබා දෙනු ලැබීය.

නිලධාරීන් විසින් වාහන සියයකට අධික පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඉන් බස්රථ 36 ක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උපදෙස් ලබා ලබාදී තිබෙන අතර එම බස්රථ කඩිනමින් පිලිසකර කල ධාවනයේ යෙදිය යුතු බවටත් දැනුම් දෙනු ලැබීය.

ඇතැම් රියදුරන් යතුරුපැදි රියදුරු බලපත්‍රය තබාගෙන බස් රථ ධාවනය කොට ඇති අතරම බස්රථ බොහොමයක කාර්ඹික දෝෂයන්, පහසුකම් නොමැතිවීම ආරක්ෂාවක් නෛාමැතිවීම ආදි ගැටලු රැසක් නිලධාරීන් විසින් හඳුනාගනු ලැබූ අතරම ඇතැම් පාසල් දරුවන් ප්‍රවාහන කෙරෙන බස්රථ මිනිසුන් තබා සතුන්වත් ප්‍රවාහනය කිරීමට නුසුදු තත්වයේ පැවතී බවට රථවාහන පොලිස් නිලධාරීන් පැවසූහ. මේ අතර පාසල් දරුවන් ප්‍රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පැවසීය. එමෙන්ම සිසුදරුවන් ප්‍රවාහනය කෙරෙන බස්රථ 106 කින් 65 ක්ම ප්‍රවාහනයට නුසුදුසු තත්වයේ පැවතීම දැඩි කනගාටුදායක තත්වයක් බවටත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව පළමුව අවධානය යොමුකොට ප්‍රවාහන කටයුතු සිදුකල යුතු ආකාරය පිලීබඳවද පොලිස් රථවාහන නිලධාරීන් විසින් රියදුරන් දැනුවත් කරන ලදි.

Latest