Skip to content

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමේ

ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව ය.

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් තුනක් ජුනි මාසයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

Latest