Skip to content

ආන්දෝලනාත්මක ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ජුනි මාසයට ප්‍රථම පාර්ලිමේන්තුවට

ආන්දෝලනාත්මක ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ජුනි මාසයට ප්‍රථම පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ.

ආන්දෝලනයට තුඩු දී ඇති නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පතක් තුනකට ජුනි මස වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් එකඟතා පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්‍යවරු පිරිසක් අතර සිදුවූ සාකච්ඡාවක් අතරතුරදී ය.

සාකච්ඡාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට අමතරව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම් හා දූෂණ විරෝධී පනත් කෙටුම්පත් දෙක ජුනි මස වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පනත් කෙටුම්පත් තුන එක වර ඉදිරිපත් නොකරන ලෙස අධිකරණ අමාත්‍යවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා ඇති අතර එයට හේතුව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට එකවර ඒවා සඳහා අවධානය යොමු කිරීමට අපහසු වීම සහ තවත් හේතු කිහිපයක් නිසා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

Latest