Skip to content

උතුරේ ගුරු හිගයට අලුත් මුහුණු 350 ක්

උතුරු පළාතේ පාසල් පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද(16) උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිමාකළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් එහිදි ලබාදීම සිදුවිය.

පසුගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ වසර ගණනාවක් උතුරේ පාසල්හි ස්වේච්ඡා පදනම යටතේ ගුරුවරුන් වශයෙන් සේවය කලද ඔවුන්ට පත්වීම් නොලැබීම හේතුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ඇතුලු උතුරේ ස්ථාන කිහිපයක ස්වේච්ඡා ගුරුවරුන් විසින් විරෝධතාවන් සිදුකලද පත්වීම් නොලැබීමෙන් එම පිරිස් අසරණතාවයන්ට පත්වූහ..

අදාල ගැටලුව සම්බන්ධයෙන් උතුරු පලාතේ හිටපු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු සමගම ස්වෙච්චා ගුරුවරුන් සාකච්ඡා කලද ඉන් ඵලක් නොලැබූ අතර නව ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් උතුරු පලාත් ආණ්ඩුකාර තනතුර භාරගෙන මාසයක ගතවීමටත් පෙර ස්වේච්ඡා ගුරුවරුන් වෙතට පත්වීම් ලබා දීමසිදුවූවාය.

මෙහිදී උතුරු පලාතේ සිංහල දෙමළ හා මුස්ලිම් ස්වේච්ඡා සේවයන් යටතේ උතුරේ පාසල්හි සේවය කරනලද ගුරුවරුන් උදෙසාද පත්වීම් ලබා දීම සිදුවිය

උතුරු පළාතේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුද කඩිනමින් පිරවීමට නියමිත බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරති.

වැඩසටහන් අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Latest