Skip to content

තවත් වන අලියෙකුට වෙඩි ප්‍රහාරයක්.


කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමකින් ඉදිරිපස පාද දෙකටම තුවාල සිදුවී බරපතළ තුවාල සිදුවී සිටි වනඅලියෙකුට  අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම වශයෙන් ප්‍රතිකාර සිදු කරනු ලැබුවා.

ඒ තඹුත්තේගම මහා ගල්විහාර රක්ෂිත ප්‍රදේශයේ සිටියදී.

ගම් වාසීන්  විසින් තඹුත්තේගම බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් විසින් රක්ෂිතය තුළ සිටි අලියා සොයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශුවෛද්‍ය කණ්ඩායම වෙත දැනුම් දීමක් සිදු කරනු ලැබුවා.

එම දැනුම් දීමෙන් අනතුරුව අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ කණ්ඩාය එහි පැමිණ වන අලියා නිද්‍රා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර එන්නත් කිරීම සිදු කරනු ලැබුවා.
පශුවෛද්‍ය වෛද්‍ය නිධාරීන් සඳහන් කළේ මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර වන අලියාගේ ඉදිරිපස පාද දෙකටම වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවයි.
උසින් අඩි 8ක් පමණ වන මෙම වනඅලියා වයස අවුරුදු 15ක හොඳින් වැඩුණු සිරුරක් සහිත තරුණ අවධිය සිටින අලියකු බවයි වනජීවී නිලධාරීන් සදහන් කළේ.
අද දින ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව වනඅලියා නිරීක්ෂණයකර යළිත් අවස්ථාවක් ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට නියමිත බවද වනජීවි පශුවෛද්‍ය නිලධාරී කණ්ඩායම සඳහන් කර සිටියා.

Latest