රජයේ පශු සම්පත් මණ්ඩලයේ පොලොන්නරුව ගොවිපලේ තිබී වෙඩි වැදී මිය ගොස් ඇති වන අලියෙකුගේ සිරුරක් හමුවී ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරයි.
එම ගොවිපලේ සේවකයෙකු විසින් කරන ලද දැණුම් දීමක් අනුව 21 වැනිදා පෙරවරුවේ මිය ගොස් ඇති වන අලි සිරුර සොයා ගෙන ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන අඩි 09 ක උසකින් යුක්ත ගැහැණු සතෙකු බව වන මනම්පිටිය ජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.එම වන අලියා පොලොන්නරුව ජල ගැළුම් නිම්නයේ නිදහසේ ජීවත් වූ සතෙකු බවද කියති.
මිය ගොස් ඇති වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ කව්රුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී ඇත.
මේ අතර ගෙවී ගිය මාස 05 ක කාලය තුළ වන අලින් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ විවිධ මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් බවට හදුනා ගෙන ඇත.