හෙම්මාතගම අවට ගම්මාන රැසක වගා කර ඇති පිදිමට නියමිත කුඹුරු වල පණුවන් විශේෂයක් නිසා ගොයම් ගස් විනාශ වෙමින් පවතින බව ගොවින් පවසයි.
මේ වන විට හෙම්මාතගම අවට පල්ලිපොරුව, පෙතිගම්මන, ගම්මානව වල වගා කර ඇති පිදිමට නියමිත ගොයම් ගස් වලද මෙම පණුවන් බෝ විම හේතුවෙන් ගස් සුදු පැහැ වි සමහර ගොයම් ගස් විනාශ වී ඇති බව ගොවින් කියයි.
මෙම සතුන් ගොයම් ගසේ ගොට්ටයක් වැනි හැඩයක් සදා එහි ජිවත් වි තවත් සතුන් බෝ කර ගස විනාශ වන තෙක් එයට හානි කරන බව ද පවසයි. මෙම ගැටලුව සම්බන්දයෙන් අප හෙම්මාතගම පෙතිගම්මන පල්ලිපොරුව වසම් භාරව කටයුතු කරන ගොවි නියාමක ඩී.ජී. ලතා ජයන්ති මහත්මියගෙන් කරන ලද විමසීමකදි එතුමිය පැවසුයේ මෙම හානි සිදු කරන සතා කොළ පණුවන් වන බවත් මේ වන විට එම සතුන් තව දුරටත් බෝ විම වැලක්විම වෙනුවෙන් පළිබෝධක නාශක වර්ගයක් ගොවින්ට පලිබෝධක නාශක හදුන්වා දී ඇති බවයි. සමහර ගම්මාන වල කුඹුරු යායවල් වල එම සතුන් බෝ විම වැඩි වි ඇති බවද එතුමිය සඳහන් කරයි.
පසුගිය කාලයේ පැවැති කාලගුණික වෙනස් විම් යනආදියද මේ සඳහා බලපා ඇති බවද සමහර ගොවින් මාධ්‍ය වෙත පැවසීය.
කෙසේ වෙතත් මෙම පණුවන් ගොයම් ගස පිදීමට ආසන්න කාලයේදි මෙම විනාශය සිදු කරන අතර එක් කුඹුරු යායකට බෝ වි ඇත්නම් සිඝ්‍රයෙන් අනිකුත් ප්‍රදේශ වලටත් බෝ විමේ ප්‍රවණතාවයක් තිබෙන බවද ගොවින් පවසන අතර මේ සම්බන්දයෙන් වගකිව යුතු කෘෂි නිලධාරීන් සොයා බලා ගොවින්ට උපදෙස් කඩිනමින් ලබා දී වගා හානිය අවම කර ගැනීමට කටයුතු කිරිම වැදගත් වන බවද ගොවින් පවසා සිටි.

