Skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් විශිෂ්ඨයෙකු සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා  (ජූලි 22) නිවේදනය  කලේය.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිටි ප්‍රබල සාමාජිකයෙකු වූ තිරිමාන්න මේ වනවිට එක්දින තරඟ 127ක් , විස්සයි විස්ස තරඟ 26 ක් සහ ටෙස්ට් තරඟ 44ක් වෙනුවෙන් මෙරට නියෝජනය කල ක්‍රීඩකයෙකි.

2014 වසරේදී 20 - 20 ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් ද, 2014 වසරේම ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය වෙනුවෙන් ද ලහිරු තිරිමාන්න ප්‍රබල දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයෙකි.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල තරඟ 44කදී ලකුණු 2088 ක් රැස් කරගෙන ඇති ඔහු ඒ තුල ශතක 3ක් සහ අර්ධ ශතක 10ක් ලබා ඇත.  එමෙන්ම  එක් දින තරඟ 127ක් තුල ලකුණු 3194ක්ද ලබා ඇති අතර එහිදී ශතක 4 ක් සහ අර්ධ ශතක 21ක් ද ලබා ඇත.

සිය නිල් ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තිරිමාන්න මෙසේද සඳහන් කර ඇත. " ක්‍රීඩකයෙකු විදිහට මම මගේ උපරිමය මගේ රට වෙනුවෙන් ලබා දුන්නා. මම ක්‍රීඩාවට ගරු කලා. මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටුකර තිබෙනවා.

මෙම තීරණය ගැනීම මට අපහසු වුනා. නමුත් කැමැත්තෙන් හෝ ඇකමැත්තෙන් එම තීරණය ගැනීමට මට බලපෑ බොහෝ හේතු සඳහන් කරන්න බෑ"

ඔහු විසින් තබා තිබූ ෆේස්බුක් සමුගැනීමේ  සටහන මෙසේය.

Latest