Skip to content

ඩෙංගුමර්ධනය වෙනුවෙන් පිළියන්දල MOH එකෙන් තවත් වැඩ සටහනක්

සෞඛ්‍යය අංශයන් මඟින් අනතුරු අඟවා ඇති ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම පිණිස තවදුරටත් දිවයින පුරා විවිද ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඩෙංගුමර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය විසින් ද සිය සෞඛ්‍යය බල ප්‍රදේශයේ විශේෂ ඩෙංගුමර්ධන වැඩසටහනක් පසුගිය දින තුනක් පුරාවටම ක්‍රියාත්මක කෙරිණ.

සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය දිනූෂා අඹගල මහත්මියගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා එම කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඩෙංගුමර්ධන ඒක්කයේ නිලධාරීන් පිළියන්දල පොලීසිය , ශ්‍රී ලංකා යුධ හමුදාව සහ කැස්බෑව නගර සභාව ද දායකත්වය ලබා දී තිබිණ.

මෙම පරීක්ෂා කිරීම් වලදී ජලය රැඳි ස්ථාන හා මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන පවත්වා ගෙන ගිය පිරිස් වෙත අවවාද කර එම ස්ථානයන් පිරිසිදු කිරීම සිදු කෙරිණ .

Latest