Skip to content

සාත්තු සේවය සදහා තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයට.

සාත්තු සේවය සදහා පුහුණූව ලැබූ තරුණියන් 07 දෙනෙකු ලබන 04 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර, 2020 වසරේ ඇති කර ගෙන ඇති ගිවිසුමකට අනුව මෙරට තරුණ තරුණියන්ට එරට සාත්තු සේවක සේවිකාවන ලෙස සේවය සදහා යාමට අවස්ථාව හිමිවී ඇත.ඒ අනුව මේ වනවිට 397 දෙනෙකු සාත්තු සේවය සදහා ඊශ්‍රායලයට ගොස් ඇත.

ලබන 04 වැනිදා පිටත්ව යන්නේ 64 වන කණ්ඩායම වේ.පිටත්ව යන කණ්ඩාඩයමට අවශ්‍ය ගුවන් ටිකට් පත් බාර දීම විදේශ රැකියා සහ කම්කරු ඇමතිවරයා විසින් පසුගියදා සිදු කරන ලදි.

Latest