Skip to content

එන්නත් විෂ වීමෙන් සිදුවූ තවත් මරණයක්..

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති හෙළිකරයි.

කිහිල්ලේ තිබූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා රෝගියෙකුට නිර්වින්දනය කිරීමට ලබාදුන් එන්නතකින් පසුව සිහි නොලබාම තවත් රෝගියෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

අදාල රෝගියා අනුරාධපුර රෝහලේදී ඉකුත් 28 වැනිදා මියගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් සදහන් කරයි.

එලෙස මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට සිදුවු එම මරණය ගැන පැමිණිලි කිරීමට හැකියාවක් ලැබී නැති බවද ඔහු කියයි.

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු හෙළිකරමින් රවි කුමුදේශ් සදහන් කළේ,

“ඥාතීන් චෝදනා කරනවා මේක මැරෙන්න ගිය ගමනක් නෙමෙයි. තිබුණේ කිහිල්ල උඩ ගෙඩියක්. හොඳට හිටියා. අවසානයේ එන්නතක් ලබාදුන්නා සිහිය නැතිවෙන්න. එකෙන් පස්සේ නැවත සිහිය ආවේ නෑ. එයා මරණයට පත්වුණා කිව්වා. මේක වාර්තා වෙලා නෑ. මේක වාර්තා කරන්න ඒ මිනිස්සුන්ට තැනක් නෑ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ මෙන්න මේක. මෙහෙම ඒවා තව කොච්චර වෙනවා ඇති ද? ඒ නිසා කරුණාකරලා එහෙම අයට මේක පැමිණිලි කරන්න තැනක් දෙන්න.”

Latest