Skip to content

ඉසුරු සොයා ගිය තවත් කතක් උඩු මහළින් බිමට.

රැකියාවක් සදහා විදේශ ගත වී සිටියදී උඩු මහළකින් බිමට වැටී හෝ පැන තවත් කාන්තාවක් මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී.

මිය ගොස් ඇත්තේ කුරුණෑගල - කොබෙයිගනේ පදිංචිව සිටි 44 හැවිරිදි එක්දරු මවක් බවට හඳුනාගෙන ඇත.

සිංගප්පුරුවේදී උඩු මහළකින් බිමට පැන කාන්තාවක් සිය දිවි හානි කර ගත්තේ පසුගිය සතියේදීය. ඇය දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව මිය ගොස් ඇත්තේ මැලේසියාවේදීය. ඇය පසුගිය දෙසැම්බර් මාසයේදී ජා - ඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා මැලේසියාවට ගොස් ඇත. ඒ සංචාරක වීසා මතය. මෙම ගමන සදහා ඇය රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඒජන්සිකරුට ලබා දී ඇති බව කියති. එම කාන්තාව මැලේසියාවේ පවත්වා ගෙන යන නීති විරෝධී රැකියා සපයන ස්ථානයක කාන්තාවක් විසින් බාර ගෙන ඇති බවටද මේ වන විට කරන ලද සෙයා බැලීම් වලදී අනාවරණය වී ඇත.

පසුව ඇයව ගෘහ සේවය සදහා නිවසකට බාර දී ඇත. ගෘහ සේවයේ නිරත වුවත් ඇයට පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා වැටුප් ලැබී නෙමැති බවද කියති.

23 වෙනිදා රාත්‍රීයේ මෙරට සිටින තම පුතුට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන්ට තව දුරටත් සේවය කරන නිවසේ රැදී සිටින නොහැකි බවකි.

මිය ගොස් ඇති රේණුකා නිලන්තිගේ සිරුර මේ වන විට මැලේසියාවේ PPUM රෝහලේ තැම්පත් කර ඇත.

සංචාරක වීසා මගින් ගොස් මැලේසියාව හෝ වෙනත් රටක රැකියාවන් ලබා ගැනීමට නොහැකි බවට ජනතාව දැණුවත් කිරීම් සිදු කළත්, බොහෝ පිරිස් වංචා කරුවන්ට හසුවීමෙන් මෙවැනි අවසානාවන්ත සිදුවීම් සිදු වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

Latest