Skip to content

ඇතුගල හෙල්ලෙන තවත් කමිටු වාර්තාවක් එළියට..

කුරුණෑගල මහ නගර සභාවේ  සිදුව ඇතැයි කියන අක්‍රමතා රැසක් පිළිබඳව සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබේ.

කුරුණෑගල මහා නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණ මහතා විසින් මහා නගර සභා ආඥා පනතේ (252 අධිකාරය) 277 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදු කර ඇද්දැයි පරීක්ෂා කර බැලීම සඳහා මෙම ඒක පුද්ගල පරීක්ෂණ මංඩලය ආංඩුකරවරයා විසින් පත්කරන ලදි.  ඒ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2305/12 අංක දරමින් 2022.11.09 දින නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රයක් මඟිනි.

ඒ අනුව එම ඒක පුද්ගල පරීක්ෂණ මංඩලය  සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහතා පත් කෙරිනි.
එසේ පත්කෙරුනු  පරීක්ශණ මංඩලය විසින් සකස් කරන ලද  පරීක්ෂණ වාර්තාව  වයඹ පලාත්  ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත  වයඔ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙසේ භාර දෙන ලදි.

Latest