Skip to content

තවත් 3316 කට හෙද පුහුණූ වරම්.

පවතින හෙද පුරප්පාඩු කඩිනමින් සපුරා ලීම සදහා ශිෂ්‍ය හෙද හෙදියන් 3316 දෙනෙකුව කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා අදාල නිලධාරීන්ට හෙද හෙදියන් බදවා ගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් ලබා දීම සිදු කර ඇත.

දිවයින පුරා දැනට හෙද විදුහල් 16 ක් ක්‍රියාත්මක වන බවත්,එම විදුහල් සදහා වසරකට ශිෂ්‍ය හෙද හෙදියන් 2,500 ක් පමණ බදවා ගන්නා බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.තවද,මේ වන විටත් ශිෂ්‍ය හෙද හෙදියන් 3,761 පුහුණූව ලබමින් සිටින බව අනාවරණය වී ඇත. පුහුණූව ලබා ඇති හෙද හෙදියන් 2,500 ක ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර ඔවුන්ට පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

20018 -2019 වර්ෂ වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම් පත් කැදවා අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉන් සමත් වන කණ්ඩායම හෙද විදුහල්වලට ඇතුළත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මේ වන විට හෙල අභ්‍යාස විද්‍යාල වල ඇති මූලික අඩුපාඩු සම්බන්ධෙයන් සොයා බලා ඒවා විසදීමට කඩිනමින් කටයුතු කරන ලෙසද කෙහෙළිය රඹුක්කවැල්ල සෞඛ්‍ය ඇමතිවරයා තම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Latest