Skip to content

ජූනි මස 01 වැනිදා සිට විදෙස් ගමන් බලපත ගෙදර සිටම.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් හට මින් ඉදිරියට නව විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීම හෝ අලුත් කිරීමට අවශ්‍ය සහාය අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට තීරණය කොට ඇති බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සදහන් කරයි.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්තාවේදී  මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව  ජූනි 01 සිට විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට තමන් සේවය කරන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට නොපැමිණ අන්තර්ජාලය හරහා සිය විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ සදහන් කරති.

Latest