Skip to content

ආලේපන මූඩියක් උගුරේ සිරවී මල් කැකුළක් මිලින වෙයි.

බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් අවුරුද්දකුත් දින 15 ක් වයසැති කුඩා සිගිත්තයක් මිය ගොස් ඇති බව අකුරැස්ස පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ අකුරැස්ස - තලහගම ප්‍රදේශයේ පදිංචි පවුලක කුඩා දියණියකි.

15 වෙනිදා සවස මෙම අනතුර සිදුවී ඇත. අනතුර දියණියගේ උගුරේ යමක් සිරවී ඇති බව දුටු මව කුඩා දියණියව කඹුරුපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහි රැගෙන යනවිටත් දැරිය මියගොස් තිබු බව වාර්තා වේ.

දරුවාගේ උගුරේ සිරවී තිබී ඇත්තේ කිසියම් ආලේපන වර්ගයක මූඩියක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

Latest