Skip to content

ගාසා හී රෝහලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්..

රෝගීන් 500 ට අධික පිරිසක් මරුට..

ගාසා නගරයේ රෝහලකට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය කින්  මේ වනවිට පුද්ගලයින් 500ක පමණ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය
විසින් වාර්තා කර තිබේ.

ගාසා හී අල්-අහ්ලි රෝහලට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ගින්නෙන් රෝහල් ශාලා, කැඩුණු වීදුරු සහ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී ඇති බවද එම වාර්තා මගින් පෙන්වා දී තිබේ.

මෙම ප්‍රහාරය තහවුරු වුවහොත් පසුගිය 2008 වසරෙන් පසුව ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මාරාන්තික ගුවන් ප්‍රහාරය මෙය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් තවත් පිරිසකගේ තත්ත්වය අවදානම් බවත් නවාතැන් සොයමින් සැගව සිටි විශාල පිරිසක් මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති බවද කියති.

Latest