Skip to content

ඉන්දීය ධීවර යාත්‍රාවක් මාරවිල වෙරළට ගොඩ ගසයි.

මසුන් මැරීම සදහා ඉන්දීය ධීවරයින් යොදා ගන්න යාත්‍රාවක් මාරවිල - තල්විල ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.පසුව මේ බව ප්‍රදේශවාසීන් විසින් තොඩුවාව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

ඉකුත් 30 වැනිදා රාත්‍රී කාලයේ යාත්‍රාව ගොඩ ගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයින් කියා සිටී.

අඩි 18 ½ ක් පමණ දිගැති ෆයිබර් වලින් නිමවා ඇති පිටත එන්ජිම සවි කළ හැකි මෙම යාත්‍රාව දින කීපයක් මුහුදේ තිබෙන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ධීවරයින් සදහන් කරයි.යාත්‍රාව තුළ ඉරී ගිය දැල් කැබැල්ලක් හැර වෙනත් කිසිදු දෙයක් දක්නට නැත. පසුගිය දිනවල මුහුදේ පැවති කුණාටු අවස්ථාවේදී මෙම යාත්‍රාව කිසියම් අනතුරකට ලක්වන්නට ඇති බවට විශ්වාස කළ හැකි නමුත් පිටත සවි කරන ඇන්ජිම නොමැති වීම ගැටළු සහගත බවද ඔවුන් කියා සිටී.එසේ නම් කිසියම් නීති විරෝධී කටයුත්තකට හවුල් කර ගැනීමෙන් පසුව යාත්‍රාව ඈත දියඹේදී අතහැර දමා තිබූ එක්ක විය හැකි බවද ඔවුන් කියා සිටී.

තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest