Skip to content

නීති විරෝධී කෘතිම රා ජාවාරමක් වටලයි.


නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව  කලක පටන් සිදුකර සිදුකර ඇති කෘතිම රා ජාවාරමක්  ඊට සම්බන්ධ හිමිකරු හා තවත් දෙදෙනෙකු සමග  කළුතර විශේෂ විමර්ශන දූෂණ මර්ධන ඒකකය මගින් අලුත්ගම පාදාගොඩ දී අත්අඩංගුවට ගනු ලැබීය.

එම ඒකකය සිදුකළ වැටලීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය යොදා කෘතිම ලෙස නිපදවන ලද භූගත ටැංකි දෙකක ගබඩා කර තිබූ කෘතිම රා ලීටර් 17,000 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ජල මෝටර් හතරක්, කෘතීම රා ගබඩා කර ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයෙ තට්ටු ලොරියක් ලීටර් 1000 ,හා 2000 ප්‍රමාණය විශාල ජල ටැංකි 25 ඇතුළු  ජාවාරමට යොදාගත් භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.

මිනිස් වාසස්ථානයක හා කැලෑබද ප්‍රදේශයක මෙම කෘතිම රාජාවාරම සිදුකර ඇති බවත් පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබේ. විවිධ රසායන ද්‍රව්‍ය යොදා සකස් කරන මෙම රා රජයේ අරක්කු නිෂ්පාදනය කරන ස්කාගාරයකට දෛනිකව සැපයුම් කර ඇති බවත් නීති විරෝධීව සිදුකරන මෙම ජාවාරමට ඇතැම් සුරාබදු හා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බව   වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

නියමාකාරයෙන් සිදු නොකරන මෙම ජාවාරම් වලින් රජයට හිමි විය යුතු බදු මුදල් ද නිසි ලෙස   නොලැබෙන බව  දැනගන්නට ලැබේ. සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

Latest