Skip to content

අක්ෂි සංකූලතා ඇති වු ඖෂධ ගැන සෙවීමට විශේෂඥ කමිටුවක්..

අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වු සිද්ධීන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක පවසයි.
අදාල පරීක්ෂණයෙන් ලබාගන්නා තොරතුරු මත සියලුම දත්ත වාර්තා විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යංශය විසින් තීරණය කරනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් වරයා වැඩිදුරටත් කියයි.

මේ වන විටත් අදාල කමිටුව විසින් ඖෂධය ගෙන්නව ලද ආයතනය, ඖෂධය පාවිච්චි කරන ලද ආයතන සහ ඖෂධ පාවිච්චි කරන ලද රෝගීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කලේය.

Latest