කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ හා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී හැරි ආනන්ද සංගරී මහතාගේ අනුරූ වෙත ගිනි තැබීමක් ඊයේ(25) වවුනියාව පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපසදි සිදුකෙරිණ.
සිංහල,දමිළ හා මුස්ලිම් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් සංහිදියාව සඳහා වු ජාතික ව්‍යාපාරය නමැති සංවිධානය පැවැත්වු විරෝධතාවයක් අතරතුර කැනඩා අගමැතිවරයාගේ හා හැරි ආනන්ද සංගරී මහතාගේ අනුරූ වෙත ගිනි තැබීම සිදුකළහ.



කැනඩා අගමැතිවරයා හා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී හැරී ආනන්ද සංගරී මහතාගේ මෙහෙයවීම යටතේ යුධ සමයේ මෙරට තුළ සිදුවු ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් කැනඩා පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට එරෙහිව විරෝධතාවය සංවිධානය කොට තිබිණ.


ජස්ටින් ටෘඩෝ මේ අහන්න, මෙරටට අත තියන්න එපා,මෙරට ස්වෛරීභාවය වෙනුවෙන් මැදිහත්වෙන්න එපා,ජාතිවාදය අවුස්සන්න එපා යනුවෙන් ඉල්ලීම් කරමින් විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයට එක්විණ.
විරෝධතාවය වෙනුවෙන් ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.