Skip to content

ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය තහනම් කිරීමේ උත්සහයක්.

රජයේ ගොඩනැගිලිවලට, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම, ප්‍රාන්තය මෙන්ම රට අස්ථාවර කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මුල්කරගනිමින් ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි . පක්ෂය තහනම් කිරීමට සලකා බලමින් සිටින බවට පකිස්තානයේ ආරක්ෂක අමාත්‍ය Khawaja Asif මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

ඉම්රාන්ඛාන්ගේ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් හා නවතම නීතිමය තත්වයන් පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියෙ,

‘පී.ටී.අයි. පක්ෂය තවදුරටත් ඉවසාගත නොහැකියි. ඔහුගේ අධාරකරුවන් පහරදී ඇත්තේ රාජ්‍යයේ පදනමටයි. රටේ ආර්ථික අර්බුධයත් උච්චතම අවස්ථාවක පවතින වෙලාවේ තමයි මේ අරගලය සිද්ධවුණේ. එහිදී හමුදා මූලස්ථානයට, හමුදා ස්ථාන වගේම රජයේ ගොඩනැගිලි වලටත් පහරදීම් සිදුවුනා ඒ පහරදුන් අයත් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා පීටී.අයි. පක්ෂය තහනම් කිරීම ගැන සලකා බලමින් සිටිනවා. එම පක්ෂය තහනම් කිරීමට රජයගත් තීරණය පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබෙනතුරු බලා සිටිය යුතු වෙනවා.

මේ අතරේ පී.ටී.අයි පක්ෂයේ නීතීක්ඥ  අලී සෆාර් (Ali Zafar) පවසා සිටියේ,

‘ඕනෑම පියවරක් තීරණයක් අධිකරණයේදී අභියෝගයයට ලක්කිරීමට සූදානමින් සිටිනවා. පක්ෂයේ යැයි පැවසෙන ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාවන් හේතුවෙන් මුලු පක්ෂයටම දොස් පැවරීමට නොහැකියි.

ඉම්රාන්ඛාන් 2018 වසරේදී අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ අතර පසුව 2022 වසරේදී ඔහුට එරෙහිව පැවති විශ්වාශභංගයකින් පරාජයට පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කෙරුණි. කෙසේ වෙතත් මේ වනවිට ඉම්රාන්ඛාන් වීදි බසිමින් සිය අධාරකරුවන් සමග විරෝධතාවන් පවත්වමින් රජයට පවසා සිටින්නේ හැකි විගසින් මැතිවරණයක් පැවත්විය යුතු බවටය.

නමුත් ඉම්රාන්ඛාන් වෙනුවට පත්වූ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) කියා සිටින්නේ ඔක්තෝම්බර් මාසයට නියමිත මැතිවරණය එම කාලසීමාවේදී පැවත්වෙනවා හැරෙන්නට ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවත්වෙන බවටය.

තත්වය මෙසේ තිබියදී යම් හෙයකින් ඉම්රාන්ඛාන්ගේ පක්ෂය වන පී.ටී.අයි. පක්ෂය තහනම් වුවහොත් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ අරගලයන්ට වඩා දරුණු අරගලයන්ට පකිස්තාන රජයට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ජාත්‍යන්තර විශ්ලේෂකයින් වැඩිදුරටක් පවසා සිටියි.

Latest