සියලු ජාතීන් අතර එකමුතුව, සාමය හා සහජීවනය, නිරෝගිමත් සමාජයක් හා දරු පරපුරක් යන තේමාවන් මූලික කොට ගනිමින් ශ්‍රී දළදා මාලිගාව අබියස සිට කතරගම දක්වා වූ පාද යාත්‍රාවක් 27 දා මහනුවරින් ආරම්භ වීය.
මෙම පාද යාත්‍රාවේ විශේෂත්වය වනුයේ ඊට එක්ව සිටින තරුණයන් සිව් දෙනා බුද්ධාගම, ඉස්ලාම්, හින්දු හා ක්රිස්තියානි ආගම් භක්තිකයෝ වීමය.

මෙම තරුණ කණ්ඩායම 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' හා 'රන්මිණි ලංකා' සංවිධාන නියෝජනය කරන්නන් වන අතර ඔවුහු දින 03 ක් තුළ පා ගමනින් කතරගම පුදබිම දක්වා ගමන් කිරීමට නියමිතය
