Skip to content

වසර 173 කට පසුව ඇමරිකාවට බලපෑ උපරිම උෂ්ණත්වය.

ගෙවුනු වසර 173 ක කාලයකට පසුව අමෙරිකාවට බලපෑ උෂ්ණ අධිකම මාස කිහිපය වශයෙන් 2023 වසරේ ගෙවුනු ජුනි මාසය සහ ජූලි මාසය වාර්ථාගත වන බවට ඇමරිකාවේ කාලගුණ විද්‍යාඥයින් විසින් පෙන්වා දෙයි..

මේ වනවිට අමෙරිකානු වැසියන් මිලියන 175 ඉක්ම වූ පිරිසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ඇමරිකාවේ මේ වන විට අධිකම උෂ්ණත්වයක් වාර්ථා වන්නේ නිව්යෝරක් නගරයට වන අතර නිව්යෝර්ක  නගරයෙන් අඛණ්ඩව දින කිහිපයක් සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවටද පෙන්වා දෙයි.

එළිමහන් කටයුතුවල නියැලෙන පුද්ගලයින් සහ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින් ට අධික උෂ්ණත්වයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් එම සියලු දෙනා හැකි අයුරින් සූර්යාගෙන් ආරක්ෂා වී සිටින ලෙසටද එරට බාලධාරීන් විසින් දැනුම් දී ඇත.

1850 වසරෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වූ උෂ්ණාධිකමවසර ලෙසට 2023 වසර වාර්ථා වූ අතරම එයින්ද ජුනි සහ ජූලි මාස දෙක මේ වන විට ඉතිහාස ගත වී ඇති බවටද ඇමරිකාවේ විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest