Skip to content

ශ්‍රී ලංකාවේ ආයෝජනය කීරීමට හා වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ඇමරිකාව සුදානම්.

ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වැඩිකිරීමට හා විදෙස් වෙළඳාම පුළුල් කිරීමට  සූදානමින් සිටින බව මුදල්, ආර්ථික ස්‍ථායිකරන හා ප්‍රතිපත්ති සැලසුම් කරන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (24) පැවසිය. දකුණු හා මධ්‍යම ආසියා පිළිබඳ වෙළඳ නියෝජිතයන් සමග ඊයේ (24) පැවති සාකච්ජාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.      

එක්සත් ජනපද ආසියානු කලාපීය නියෝජ්‍ය වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා ඇතූළු දූත පිරිසක් මේ අවස්ථාවට සහභාගිවු අතර මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් එච් ජී සුමණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පලකල එක්සත් ජනපද වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනයන් වැඩි කිරීම හා වෙළඳාම පුළුල් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සූදානමින් සිටින බවත් ලැබෙන ඕනැම අවස්ථාවක සිය සහය ලබා දෙන බවත් ප්‍රකාශ කලේය.

Latest