නාවික හමුදාවේ ත්‍රීකුණාමලය කිමිදුම් මුලස්ථානයේ සංචාරයේ යෙදුන ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සංචාරය අතරතුර මුහුද යට කිමිදීම සඳහා අවස්ථාව උදාකර ගත්තාය.

නාවික හමුදාවේ ප්‍රථම කිමිදුම් කාරිය සමග ත්‍රීකුනාමලය මුහුදේ සුන්දර මුහුද යට නැරඹීම සඳහා සහභාගි විය. තමන්ගේ මුහුද යට නැරඹීමේ කිමිදුම් අවස්ථාවට එක්වු නාවික හමුදාවේ කිමිදුම් මූලස්ථානයේ ප්‍රධානියාටත් ප්‍රථම කිමිදුම් කාරියටත් ඇමරිකානු තානාපතිනිය සිය ස්තූතිය පුදකලේය.

ඩයිව් මාස්ටර්ස් එක්සත්ජනපද නාවුක හමුදාවත් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කාණ්ඩය සමග පැවත්වෙන දීර්ඝ කාලීන සහයෝගිතා සම්බන්දතාවයද සිහිපත් කල තානාපතිවරිය එය අඛන්ඩව පැවතිය යුතු බවත් ප්ව්සන්නීය.