Skip to content

"අඹ වගාවන්" අතර හදුනා නොගත් දිලීර රෝගයක්....!

පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් තම අඹ වගාවවන් වලට හානි සිදු වෙමින් පවතින බව වගා කරුවන් සදහන් කරයි.

විශේෂයෙන්ම වියලි කලාපයේ ඇති අඹ වගාවන් අතර මෙම රෝගය බහුලව දක්නට ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

අඹ ගසේ අතු බෙදී යන ස්ථාන කළු පැහැ ගැන්වී අනතුරුව ක්‍රමයෙන් ගස මිය යාම සිදුවන බව ගොවීන් පෙන්වා දෙයි. රෝගය ඇති ස්ථාන කප්පාදු කර දිලීර නාශක යෙදීමෙන් කිසියම් පාලනයක් තිබුනත්, පැතිර යාමේ අඩුවක් නොමැති බවද ඔවුන් සදහන් කරයි.

පෙර වසරදී මෙම රෝගය තම වගාවන් තුළ දක්නට නොලැබුණු බවත්, කඩිනමින් මේ සදහා ස්ථීර ප්‍රතිකර්මයක් නොකළහොත් රෝගය රට පුරා පැතිර යා හැකි බවද අඹ වගා කරුවන් සදහන් කරයි.

Latest