ශ්‍රී ලංකාවේ අඹ හා පේර වගාවට UHDP -Ultra High Density Plantation හෙවත් අධිඝනත්ව වගා ක්‍රමය යටතේ සීමිත භූමි ප්‍රමාණයක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කළ හැකි Espalier System හෙවත් අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල් වගා කළ හැකි ක්‍රම වේදය පළමුවරට ශ්‍රී ලංකාවේ ගොවීන්ට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පියවර ගෙන තිබෙනවා..
මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් දඹුල්ල වෑවල ප්‍රදේශයේ අධි ඝනත්ව වගා ක්‍රමය ක්‍රියාත්මක කරමින් වගා කර තිබු අඹ හා පේර වගාවන් මට නිරීක්ෂණය කරන්නට හැකි වුනා.සැබවින්ම අවම බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම, නව තාක්ෂණය මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සහ හිරුඑළිය ආශිර්වාදයක් කර ගනිමින් වගාවන් ගෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සම්බන්ධවත් මෙමගින් ගොවීන්ට යහපත් අත්දැකීමක් ලබා දෙන බවට පෙනවා දෙයි.




දඹුල්ලේ වෑවල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,
‘ මින් පෙර අක්කරයකට අඹ වගා කරන ලද්දේ පැළ 82ක් පමණ ප්‍රමාණයක් වුවද මෙම UHDP -Ultra High Density Plantation ක්‍රමය යටතේ ඒන Espalier System මගින් අක්කරයක අඹ පැළ 560ක් වගා කළ හැකියි. එමෙන්ම පේර පැළ 1300ක් පමණ වගා කළ හැකි වෙනවා. ඒ කියන්නේ අස්වැන්න වෙනදාට වඩා හත්අට ගුණයකින් වැඩ කර ගත හැකියි.මෙම ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විදේශීය විශේෂඥයෙක් වන Dr. Julian Velez හා ආචාර්ය රොහාන් විජේකෝන් ඇතුලු කණ්ඩායම විශාල උනන්දුවක් දක්වනවා.
අවම ජල ප්‍රමාණයක් යොදාගනිමින් වැඩි අස්වැන්නක් හා ඉහළ ආදායමක් ගොවිතැන මගින් ලබා ගැනීමට නම් මෙවැනි වගා ක්‍රම අනුගමනය කළ යුතුයි. සැබවින්ම මෙවැනි ඉහළ තාක්ෂණයක් භාවිතා කරමින් දඹුල්ලේ වෑවල ගොවීන් මේ වනවිට අක්කර 400ක අඹ හා අක්කර 500ක පේර වගා කර තිබෙනවා.නිවාඩු වෙලාවක ඔය අතන මෙතන රස්තියාදු නොවී දඹුල්ල වෑවලට ගොස් මෙම තාක්ෂණය අත් විඳීමට හැකි නම් ඉදිරියේ රටේ ගොවිතැන සම්බන්ධව බොහෝ දෙනාගේ අදහස් වෙනස් වේවි. හැමදාම අරක නෑ, මේක නෑ කියමින් උද්ඝෝෂණය කරමින් කෑ කෝ ගහමින් ඉන්නවාට වඩා මෙම තාක්ෂණය ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හැම විටම සුදානම්ව සිටිනවා.දඹුල්ලේ වෑවල ගොවියන්ට මෙම නව තාක්ෂණය ග්‍රහණය කර ගනිමින් සාර්ථක ලෙස අඹ හා පේර වගාවන් කිරිමට හැකී වුවානම් අනිකුත් ප්‍රදේශවල අයට එම තාක්ෂණය අනුගමනය කිරීමට නොහැකියාවක් තිබිය නොහැකියි. ශ්‍රී ලංකා පොළවේ හරිත ආශ්චර්යය ඔබට දැක ගන්නට නම් දඹුල්ලේ වෑවලට වරක් හෝ යන්නැයි මම ඔබට ආරාධනය කරනවා. යනුවෙනි.



