එන්නත් විෂ වීම ඇතුළු කාරනා කිහිපයක් හේතුවෙන් රෝහල් තුළදී රෝගීන් මියයාම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාරදී ඇත.
වෛද්‍යවරුන්ගේ සහ රෝගින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ අනුව එම වාර්තාවට අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනු ඇත.