මේ දිනවල දිවයින පුරා පවතින අධික උණුසුමත් සමඟ දරුවන් අතර රෝග පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
එනිසා දරුවන්ට අව්වේ සෙල්ලම් කිරීමට ඉඩ දීම සහ අධික වෙහෙසට පත් කිරීම නොකළ යුතු බවත් මවුපියන් දරුවන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් වැඩිදුරටත් පෙන්වා දෙයි.
පාසල් දරුවන් විජලනය වීමෙන් වළක්වා ගැනීම සඳහා නිතර නිතර කුමක් හෝ පානයන් ලබාදෙන ලෙසත් පාසල තුළදී පිට්ටනියට සෙල්ලම් කිරීමට යැවීමේදී ඒ සඳහ අඩු කාල වේලාවක් තබා ගත යුතු බවද කියන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දරුවන් නිතරම ජලය පානය කිරීමට දීම ඉතා අත්‍යවශ්‍ය බවත් නිතර දරුවන් ඇඟ සේදීම, නෑවීම, දියර වර්ග පානය කිරීම කළ යුතු අතර ජලය සමඟ නිතර දරුවන් තබා ගැනීම ද වැදගත් බවද පෙන්වා දෙයි.