Skip to content

"අළුත් ගමක් - අළුත් රටක්" පුත්තලමට.

කාලයක් උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා නොගත් අයට ඒවා ලබා ගැනීම සදහා විශේෂ ජංගම සේවා වැඩ සටහන් පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ දිනවල පැවැත්වේ.

ආණමඩුව, වනාතවිල්ලුව, දංකොටුව සහ හලාවත ප්‍රදේශ වල මෙම ජංගම සේවා වැඩ සටහන පවත්වා අවසන් කර ඇත. දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලද මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බව පුත්තලම දිසා ලේකම් සුනන්ද හේරත් මහතා සදහන් කරයි.

"අළුත් ගමක් - අළුත් රටක්" ජාතික වැඩ සටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩ සටහන පවත්වා ගෙන යයි. කාලයක් විවාහ නොවී අඹු - සැමියන් ලෙස ජීවත් වූ පවුල් නීත්‍යුණුකූලව විවාහ කර දීමද මෙම ජංගම සේවයේදී සිදු කෙරේ.

නුදුරේදීම සෑම කෙනෙකුටම ඩිජිටල් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම තම අරමුණ බවත්, ඒ සදහා විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය හා ඒකාබද්ධව එම වැඩ සටහනන දිවයින පුරා නොබෝ දිනකින් දියත් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සදහන් කරයි.

Latest