Skip to content

පනත දූෂණ විරෝධී වුණාට පරණ හොරු රැකලා - කිරිඇල්ල

දූෂණ විරෝධී පනත ඉදිරියට පමණක් නොව ගෙවුණු කාලයට ද බලපැවැත්වෙන පරිදි බලාත්මක විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

ඒ, අද (21) උක්ත පනත සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

පනතේ සඳහන් කර තිබෙන අන්තර් කාලීන වගන්තිය ඊට ප්‍රමාණවත් නොවන අතර විපක්ෂය ලෙස එම සංශෝධනය ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කළේ 2004 වසරේදී වන අතර මෙම පනත එම කාලය දක්වාම ආපස්සට බලපැවැත්වෙන පරිදි සංශෝධනය විය යුතු බවයි කිරිඇල්ල මහතා අවධාරණය කළේ.

''ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනිද නැද්ද කියන එක විතරයි. නමුත් ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තියෙන්න ඕනේ ආපස්සට බලපානවිදිහට මේක ක්‍රියාත්මක කරන්න. ආපස්සට බලාත්මක කරන එක අමතක කරලා එය ඉදිරියට බලපැවැත්වෙන ආකාරයට නම් ගේන්න හදන්නේ රජයේ අදහස මොකක්ද කියල සියලු දෙනාටම පැහැදිලියි.'' යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Latest