Skip to content

විදුලි බිල,ගෑස් අඩු වුණත් බේකරි සහ ආපනශාලා ජනතාවට එම සහනය දෙන්නේ නැහැ - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

රජය විසින් විදුලි බිල පහත දමා නිෂ්පාදන  සාධක සදහා යම් සහනයක් ලබාදුන්නද බේකරි සංගම්, ආපනශාලා සංගම් එම සහනය පෙරළා ජනතාවට ලබාදීම මග අරින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ  ගැස් මිල සැලකිය යුතු මුදලකින් අඩුවෙද්දී මෙම සංගම් පැවසූවේ මිල අඩුකිරීමට විදුලි බිල අඩුවියයුතු යුතු බවයි.

මේ වනවිට විදුලි බිල අඩුවී ඇති නිසා භාණ්ඩ මිල අඩුකළ  යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

''විදුලි බිල අඩු වුණාට භාණ්ඩ මිල අඩුකරන්න මේ වෙළෙඳ  සංගම් තවම ප්‍රකාශ කරලා නෑ. වැඩිවෙද්දී එදා රෑම වැඩි කරනවා. බේකරි හිමියන්ට ආපනශාලා හිමියන්ට කියනවා රජය ලබාදුන් මේ සහනය පාරිභෝගිකයන්ට ලබාදෙන්න. පෙට්‍රල්, කරන්ට් බිල වැඩිවෙද්දී භාණ්ඩ මිල ඉහළ දමා පාරිභෝගිකයන් මතට දානවා. නමුත් විදුලි බිල අඩුවෙද්දී මේ බේකරි හිමියන් ආපනශාලා හිමියන් මහ අරිනබව පේනවා. බිත්තර නිෂ්පාදකයින් ජනතාව හූරගෙනකමින් විශාල මාෆියාවක් කරගෙන යනවා. රජයට කියනවා මේවා නියාමනය කරන්න කිසියම් ආයතනයක් අවශ්‍යයි කියලා. මේවා සොයාබලන්න ස්වාධීන කොමිෂන් සභාවක් අරඹන්න කියනවා. නිෂ්පාදන සාධක රජය අඩුකළාට ඒ සහනය පාරිභෝකියන්ට ලබාදීමට කිසිදු ආයතනයක් නෑ. ගෑස් මිල අඩුවෙද්දී කිව්වා කරන්ට් බිල අඩු වෙන්න ඕන කියලා ඔන්න කරන්ට් මිල අඩුකරලා දැන් අඩුකරන්න පුලුවන්.'' යනුවෙන් විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Latest