1974 දී විද්‍යාඥයන් පිරිසක් විසින් අභ්‍යවකාශයට පණිවිඩයක් යැවීම සිදු කරන ලදී. එම පණිවිඩයේ අරමුණ වූයේ පෘථිවියේ ජීවය පිළිබඳ විස්තර බුද්ධිමත් පිටසක්වල විශේෂයකට ලැබීමට සැලැස්වීමය. සරල ද්විමය කේතයකින් (Binary Code) ලියා ඇති එම පණිවිඩය යැවීම සදහා පෘථිවියේ බලවත්ම රේඩියෝ දුරේක්ෂය භාවිතා කරන ලදී. මෙම පණිවිඩය හර්කියුලිස් තාරකා මණ්ඩලයේ තරු පොකුරක් වෙත විකාශනය විය. ගුවන් විදුලි තාරකා විද්‍යා තාක්ෂණයේ දියුණුව සැමරීම සදහා සිදු කෙරූ මෙම අභ්‍යාසය චාරිත්‍රානුකූල දෙයක් විය. කිසිවෙකුට එම පණිවිඩය ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකළ අතර කිසිවෙකු විසින් එය ලබා ගත්තද එය ඔවුන්ට ඉක්මනින් නොලැබෙනු ඇත. විකාශනය වූ දිශාවේ පිහිටි ආසන්නතම තාරකාවද ඇත්තේ ආලෝක වර්ෂ 25 000 ක් දුරිනි. විද්‍යාඥයින් අතට අත දී එකිනෙකාට සුබ පතා තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන ලදී. නමුත් එම පණිවිඩය ගැඹුරු අවකාශයට විකාශනය කර වසර 27කට පසු ඉතා අනපේක්ෂිත දෙයක් සිදු විය.
"කවුරුහරි එයට පිළිතුරක් ආපසු එවිය."

1966 එක් උදෑසනක ජෝර්ජ් පෙඩ්ලි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නගරයක් වන ටලී නගරයෙහි ඇති ඔහුගේ ගොවිපලෙහි වැඩ කරමින් සිටින විට ඔහුට අමුතු ඝෝෂාකාරී ශබ්දයක් ඇසුණි. ඔහු තම ට්‍රැක්ටරයෙන් බැස ශබ්දය පැමිණි එම දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේය. එවිට ඔහු දුටුවේ ඔහු සිටගෙන සිටි ස්ථානයේ සිට අඩි 50ක් පමණ දුරින් තිබූ වගුරු බිමට ඉහළින් රවුම් යාත්‍රාවක් අහසේ සැරිසරමින් සිටින ආකාරය ය. යානය තත්පර කිහිපයක් එසේ එම ප්‍රදේශයේ සැරිසරමින් සිට එකවරම අහසේ ඉහළට ගොස් නොපෙනී ගියේය. ජෝර්ජ් එම කොටස විමර්ශනය කිරීමට ගිය විට ඔහු දුටුවේ වගුරු බිමෙන් විශාල බට ගස් කවයක් ඇද (Circle Of Reed) තැටියක් (Disk) සේ බිමට සමතලා කර ඇති බවයි. දක්ෂිණාවර්තව කැරකෙන ආකාරයට සැකසී ඇති එම රවුම හරහා අඩි 30ක් දුර තිබූ අතර ඝනකම වූයේ අඩි දෙකකි. බට ගස් වල කැරකීම සහ රවුමේ ඝනකම නිසා ප්‍රදේශවාසීන් එය UFO කූඩුවක් ලෙස නම් කෙරුවේය. නමුත් මෙය ඇත්ත වශයෙන්ම අන් කිසිවක් නොව, මෙය "වගා කවයකි (Crop Circle)".


1960 ගණන්වල සිට දහස් ගණනක් වගා කවයන් හෝ වගා ආකෘති (Crop Formations) සොයාගෙන ඇත. ඒවා පෘථිවියේ සෑම මහද්වීපයකම, සෑම රටකම පාහේ දැක ගැනීමට ඇත. නමුත් වගා ආකෘති වල කේන්ද්‍රස්ථානය වන්නේ එංගලන්තයේ නිරිතදිග විල්ට්ෂයර් ය. වගා ආකෘති ඉතා සරල ඒවායේ සිට ඉතා සංකීර්ණ ඒවා දක්වා විහිදේ. ආකෘතීන් රවුම් තරු සහ අනෙකුත් ජ්‍යාමිතික හැඩතල විය හැක. නමුත් සමහර ඒවා රූප සටහන් වේ. ඒවා අදහස් කරන දෙය බව කිසිවෙක් නිශ්චිතවම දන්නේ නැත. සෑම නිර්මාණයක්ම වෙනස් වුවද ඒවාට පොදු කරුණු කිහිපයක් තිබේ. ඇස ගැටුන විට ඉක්මනින් හඳුනාගත හැකි මෙම රටා සාමාන්‍යයෙන් රාත්‍රියේදී ඉතා ඉක්මනින් නිර්මාණය වී ඇත. මෙම රටා නිර්මාණය කිරීම සැමවිටම ආලෝක වර්ගයක් එක්කෝ ආලෝක කදම්භයක් (Beam Of Light) හෝ ආලෝක කක්ෂයක් (Ord Of Light) සමඟ සම්බන්ධ වේ.

වගා ආකෘතීන් නව සංසිද්ධියක් ලෙස පෙනුනද, ඒවා ඉතිහාසය පුරා දැකීමට තිබූ බවට සාක්ෂි තිබේ.
9 වන ශතවර්ෂයේදී, ප්‍රංශයේ ලියොන්හි බිෂොප්වරයාව වූ ඇබෝගාඩ් විසින් යක්ෂ නමස්කාරයේ හෝ මිථ්‍යාදෘෂ්ටිකත්වයේ යෙදී සිටි පල්ලියේ සාමාජිකයන් ගැන ලියා ඇත. වගාව සශ්‍රීක වීම සිදු කරන චාරිත්‍ර සඳහා භාවිතා කිරීමට වගාබිමේ පොළවට සමතලා වූ කවයන් තුල ඔවුන් බීජ එකතු කරමින් සිට ඇත.

1686 දී, ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය වරයෙකු වූරොබට් ප්ලොට් බෝග කවයන් ගැන ලියා ඇත. ඔහුගේ නිවස අසල තිබූ බෝග කවයන් කිහිපයක සටහන් පවා ඔහු ඇද ඇත. ඔහු පැවසුවේ ආලෝක දැල්වීමකින් (Flash Of Light) ඒවා සෑදී ඇති අතර ඒවා සෑදීමෙන් පසුව සතුන් එම බෝග කවයන් අසලට යන්නේ නැති බවය.

ඒ කාලයේදීම කපන යකා (Mowing Devil) නමින් පත්‍රිකාවක් නිකුත් විය. ගින්නක් ලෙස සිතූ ආලෝකයක් නිසා අවදි වූ ගොවියෙකු ගැන එහි විස්තර කරයි. ඔහු ඒ ගැන සොයා බැලීමට ගිය විට ඔහුට වගා කවයක් හමු වී ඇත. එයට ගොයම් කපන යකා ලෙස නම තබා ඇත්තේ එකල කිසිදු සාමාන්‍ය මිනිසෙකුට කැපිය නොහැකි ආකාරයට එම රවුම පිළිවෙළට කපා ඇති බව ගොවියා විසින් විස්තර කිරීම නිසාය.

1963 දී, තාරකා විද්‍යාඥයකු වූ ශ්‍රීමත් පැට්‍රික් මුවර් විසින් නිව් සයන්ටිස්ට් ජර්නලයට ලියන ලද ලිපියෙහි චාල්ටන්හි ඇති වූ නිර්මාණ විමර්ශනය කරයි.
"වෘත්තාකාර හෝ ඉලිප්සාකාර ලෙස තිරිඟු සමතලා කර ඇති තිරිඟු කෙත් ඇති ප්‍රදේශ දැක ගත හැකිය. එන් එකක්, යාර 15ක් දිග සහ පළල හතරහමාරක් වූ ඕවලාකාර ප්‍රදේශයකි. තවත් එකක් සර්පිලාකාර ලෙස සමතලා කර තිබූ බවට සාක්ෂි තිබුණි. එක් අවස්ථාවක මධ්‍යයයේ තිරිඟු සමතලා කර වෘත්තාකාර ප්‍රදේශයක් විය."

මළ මුහුදේ ලියවිලිවලින් සොයාගත් එක් පාඨයක් වන්නේ ඉනොක්ගේ පොතයි (Book Of Enoch). ඉනොක් අකුණු සැර වලින් පොළොවේ ඇති වූ සලකුණු ගැන කතා එහි අන්තර්ගත වී ඇත.

එබැවින් මෙම වගා ආකෘතීන් ගැන වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ සිටම දක්නට ලැබේ.
වගා කව දහස් ගණනක් සොයා ගෙන ඇති අතර, බොහෝ අය ඒවා ඇසින් දුටු බව පැවසුවත් කිසිවකු එය විඩියෝ කැමරාවට හසු කර තිබුණේ නැත.
"නමුත් එය 1996 දී වෙනස් විය."
ජෝන් වේලි විල්ට්ෂයර් හි ඔලිවර්ස් කාසල් යන කන්ද මත දිනක් කඳවුරු බැඳගෙන (Camping) සිටියේය. පාන්දර 3 ට පමණ යමක් ඔහුගේ ඇසට හසු විය. ඔහු තම වීඩියෝ කැමරාවෙන් පිට්ටනියක් උඩින් ගැවසෙන දිලිසෙන රවුම් කිහිපයක් බෝග කව නිර්මාණය කරන දර්ශන වීඩියෝ කර ගත්තේය.
වගා කව යනු මොනවාද යන්න ගැන අදහසක් කිසිවෙකුට නොතිබූ අතර බොහෝ මිනිසුන් ඒවා මගින් පණිවිඩයක් නිරූපණය කරන බව විශ්වාස කරයි. මෙය බොහෝ පර්යේෂකයන් කලකිරීමට පත් කෙරූ අතර ඔවුන්ට එක් ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණි.
"කවුරු හරි පණිවිඩයක් එවන්න උත්සහ කරනවා නම් ඇයි තේරෙන භාශාවකින් එය සිදු කරන්නේ නැත්තේ?"
2001 දී, ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණි.
1974 දී, පෘථිවියේ සිට තරු පොකුරකට යවන ලදී හර්කියුලිස් තාරකා මණ්ඩලයේ ඇති තරු පොකුරකට Arecibo පණිවිඩය යවන ලදී. එය සම්ප්‍රේෂණය කිරීමට යොදා ගත් යෝධ දුරේක්ෂයේ නම Arecibo වූ නිසා එම පණිවිඩය Arecibo පණිවිඩය ලෙස හදුන්වන ලදී. එම පණිවුඩය නිර්මාණය කළ කණ්ඩායමට නායකත්වය දුන්නේ කාල් සේගන්ගේ සහය ඇතිව ආචාර්ය ෆ්රෑන්ක් ඩ්රේක් විසින් ය.

පෘථිවියේ ජීවත් වන ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම සඳහා ද්විමය ඉලක්කම් 1679 ක් යොදා ගෙන නිර්මාණය කර ඇති රූපයක් මෙම පණිවිඩය විය.

එය ආරම්භ වන්නේ අංක 1 සිට 10 දක්වා නිරූපණයෙනි. මෙය පණිවිඩයේ ඉතිරි කොටසට තේරුම් ගැනීමේ යතුර සපයයි. ඊළඟට DNA සෑදීමට භාවිතා කරන පරමාණුක ක්‍රමාංකය වන හයිඩ්‍රජන්, කාබන් නයිට්‍රජන්, ඔක්සිජන් සහ පොස්පරස් නිරූපණය කරයි. කාබන් ඉහළම ස්ථානයේ පවතින්නේ එය ජීවයේ ස්වරූපවල වඩාත්ම ප්‍රමුඛ වන බැවිනි. ද්විත්ව හෙලික්ස් ව්‍යුහය ඇතුළු DNA පිළිබඳ තොරතුරු එම පණිවිඩය පෙන්වයි. පහළින් මිනිසෙකුගේ රූපයක්, මිනිසාගේ සාමාන්‍ය උස සහ එවකට පෘථිවි ජනගහනය වූ බිලියන 4 පෙන්වයි. ඊළඟට සූර්යාගෙන් පටන් ගෙන ප්ලූටෝ දක්වා අපේ සෞරග්‍රහ මණ්ඩලය නිරූපණය කරයි. මෙම සංඥාව යවන ග්‍රහලෝකය හඳුනා ගැනීම සඳහා එහි පෘථිවිය ඉහළට ගෙන ඇත. පණිවිඩය පතුලේ Arecibo රේඩියෝ දුරේක්ෂය නියෝජනය කරන ග්‍රැෆික් රූපයක් ඇත.

පණිවිඩය ලැබිය හැකි ආසන්නතම තරුව ඇත්තේ ආලෝක වර්ෂ 25,000ක් ඈතිනි. ඒ නිසා අපි තව අවුරුදු 50,000කට එයට පිළිතුරක් බලාපොරොත්තු විමට නොහැකිය.
නමුත් 2001 අගෝස්තු 14 උදෑසන චිල්බෝල්ටන් රේඩියෝ දුරේක්ෂය අසල වගා ආකෘතියක් සොයා ගන්නා ලදී. ඔබ සම්පූර්ණ නිර්මාණය ගැන නොදන්නවා වුවද, ඔබ බිම සිට බලන විට, මෙය වගා කවයක් බව ඔබට පැවසිය හැකිය. එහි ව්‍යූහයක් සහ ඒකාකාරිත්වයක් තිබුණි. නමුත් මෙම ආකෘතිය වෙනස් විය. එය අවුල් විය. එය සමමිතික නොවීය. එය ගුවනේ සිට බලන තුරු කිසිවකුට එය කුමක්ද යන්න වටහා ගත නොහැකි විය.
"එය මුහුණකි."

ඉන් දවස් තුනකට පසු එයට නුදුරින් මෙම ආකෘතිය විය.

මෙය Arecibo පිළිතුර ලෙස ප්‍රසිද්ධ විය. Arecibo පණිවිඩයේ මෙන්ම එයට 23 × 73 කොටුවක් භාවිතා කර ඇත. ඉහළ පේළිය 1 සිට 10 දක්වා සංඛ්‍යා පෙන්වයි. නමුත් පිළිතුරේ ජීවයේ ප්‍රධාන මූලද්‍රව්‍ය ලෙස කාබන් නොව සිලිකන් පෙන්වයි. ඔවුන්ගේ DNA ව්‍යූහයේ තුන්වන තන්තුවක් ඇති බව පෙන්වයි. මධ්‍යයේ අඩි හතරක් පමණ උසැති මානව රූපයක් සහ ඔවුන්ගේ ජනගහනය බිලියන 21 ක් පමණ ලෙස පෙන්වයි. රූපයට පහළින් ඇත්තේ ඔවුන්ගේ සෞරග්‍රහ මණ්ඩලයයි. ඔවුන් එම මණ්ඩලයේ ඔවුන්ගේ ග්‍රහලෝකයට අමතරව තුන්වන සහ හතරවන ග්‍රහලෝක අල්ලාගෙන සිටින බව පෙනේ. ඉන්පසු ග්‍රහලෝකයක් හෝ වෙනත් වස්තුවක් හෝ ව්‍යුහයක් අදහස් කළ හැකි තවත් හැඩයක් තිබේ.

විද්‍යාඥයින් යැවූ Arecibo පණිවිඩයේ පණිවිඩය යැවීමට භාවිතා කරන ලද රේඩියෝ දුරේක්ෂයේ පින්තූරය එම ස්ථානයේ නිරූපණය කර ඇත. කවුරු එව්වත් පිළිතුර මෙය තේරුම් ගෙන ඇති බව පෙනේ.

ඉතින් මේ නිර්මාණය නියෝජනය කරන අදහස් මොකක්ද?
වසරකට පෙර මෙම නිර්මාණයේ තිබූ රූපය එම ස්ථානයේම වගා ආකෘතියක් ලෙස දර්ශනය වී ඇත.

මෙය එයද?
මෙම වගා ආකෘති මගින් අභ්‍යවකාශය හරහා සන්නිවේදනය කිරීමට භාවිතා කරන යන්ත්‍රයක නිරූපණයක්ද?
නැවතත් පර්යේෂකයන් හට වැදගත් ප්‍රශ්නයක් තිබුණි.
ඇයි ඔවුන් ඉංග්‍රීසි කතා නොකරන්නේ?
හරියටම එකක් වසරකට පසුව, මෙම වගා ආකෘතිය දර්ශනය විය.

නැවත වරක් අපට මුහුණක් දැක ගත හැකිය. නමුත් එය මනුෂ්‍ය මුහුණක් නොවන අතර Arecibo පණිවිඩයේ තිබූ පරිදි ද්විමය කේතයෙන් විකාශනය කරන පණිවිඩයක් තැටියක ස්වරූපයෙන් එහි නිරූපණය වේ. පළමු වතාවට අපට සැබෑ වචනාර්ථ පණිවිඩයක් ලැබී ඇත. කේතය ASCII භාවිතයෙන් අකුරු වලට පරිවර්තනය කරන ලදී.
"බොරු තෑගි සහ කඩ කරන ප්‍රකාශයන් ගෙන යන්නන්ගෙන් පරිස්සම් වන්න. බොහෝ වේදනාවන් ඇති නමුත් තවමත් කාලය ඇත. විශ්වාස කරන්න. එහි හොඳක් ඇත. අපි රැවටීමට විරුද්ධ වෙමු. වාහකය වසා දැමීම"
2004 දී, රොබට් රිජ් රොස්වෙල් නිව් මෙක්සිකෝවෙන් සැතපුම් කිහිපයක් දුරින් වූ ප්‍රදේශයක මුව දඩයමේ ගියේය. එහිදී ඔහුට පසේ වැළලී තිබූ අමුතු පාෂාණයක් හමු විය. එම පාෂාණයේ තිබුණේ ජ්‍යාමිතික කැටයමකි.

රොබට් එය අහුලා ගත් අතර එය ලස්සන ගලකට වඩා වැඩි දෙයක් යැයි ඔහු සිතුවේ නැත. ඔහු එය රහසක් වශයෙන් තබා ගත්තේ නැත. ඔහු එය මිතුරන්ට සහ ඒ ගැන කුතුහලයෙන් සිටි ඕනෑම කෙනෙකුට පෙන්වීය. එම පාෂාණය ගැන අමුතු සොයා ගැනීම් සිදු කිරීමට වැඩි කාලයක් ගත නොවීය. එය චුම්භක ලෝඩෙස්ටෝන් (Magnetized Lodestone) විය. එයින් අදහස් කරන්නේ එම පාෂාණය එම ප්‍රදේශයෙන් හමුවන පාෂාණ විශේෂයක් නොවන බවය. අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කරන විට රොස්වෙල් පාෂාණය අතිශයින්ම සිනිඳු විය. වැලි පිපිරුම් (Sand Blasting) හෝ කැටයම් සලකුණු එහි නොවිය.
නමුත් වඩාත් ආකර්ෂණීය සොයාගැනීම වන්නේ රොබට්ට මෙම පාෂාණය හමු වීමට වසර අටකට පෙර 1996 දී මෙම වගා ආකෘතිය දර්ශනය විය.

සමහරු සිතන්නේ මේ නිර්මාණය පණිවිඩයක් ලෙසය. තවත් අය සිතන්නේ එය සිතියමක් බවයි. තවත් අය සිතන්නේ රොස්වෙල් පාෂාණය, Arecibo පිළිතුර සහ සියලුම වගා කව ප්‍රෝඩාවක් මිස අන් කිසිවක් නොවන බවය.
නමුත් එවැනි විස්තීර්ණ ප්‍රෝඩාවන් නිර්මාණය කරේ කවුද?
ඇයි?
1991 බ්‍රිතාන්‍ය පුවත්පතක් සිරස්තල සහිතව මුල් පිටුවේ පුවතක් පළ කළ විට අපට පිළිතුර ලැබුණේය.
"The Men Who con the World"
1991 සැප්තැම්බර් 9 වන දින, ඔවුන්ගේ ජීවිතයේ වයස 60 ගණන්වල සිටි විශ්‍රාමිකයින් දෙදෙනෙක් 1978 දී වගා කව සංසිද්ධිය ආරම්භ කළ බවට පාපොච්චාරණය කළහ. ඩග් බෝවර් පැවසුවේ එක් රාත්‍රියක පබ් එකක සිටින විට මෙම අදහස තමාට පැමිණි බවයි. 1966 දී ටලී UFO වගා කව සිදුවීම සිදු වන විට ක්වීන්ස්ලන්තයේ ජීවත් වී සිටියේය. ඩග් සිතුවේ දකුණු එංගලන්තයේ තිරිඟු කෙත්වලට UFO ගොඩ බැසීම ගැන සිතීමට මිනිසුන් රවටා ගැනීම විනෝදයක් වනු ඇති බවයි.

ඔහු තම මිතුරා වන ඩේව් චෝර්ලිගේ උපකාරය ලබා ගත්තේය. ඔවුන්ට වගා කවයක් සෑදීමට අවශ්‍ය වූයේ ලී ලෑල්ලක් ලණු ටිකක් සහ ඇඹරුණු කම්බි කැබැල්ලක් පමණි. මුලදී ඔවුන්ගේ නිර්මාණ සරල විය. නමුත් කාලයත් සමඟ ඒවා වඩාත් සංකීර්ණ විය. ජාත්‍යන්තර මාධ්‍ය මේ කතාව පිළිගත් අතර අභිරහස විසඳුණි. වගා කවයන් වයසක මිනිසුන් දෙදෙනකු සිදු කළ විහිලුවකට වඩා වැඩි දෙයක් නොවීය.
ඒක ඇත්තටම එහෙමද?
ඩග් සහ ඩේව් වගා කව කිහිපයක් නිර්මාණය කර ඇති නමුත් ඔවුන්ගේ කතාවේ අඩුපාඩු රාශියක් ඇත. ඔවුන්ගේ වගා කව සෑදීමේ තාක්‍ෂණය සහ එහි ප්‍රතිඵලය එතරම් විශ්මය ජනක නොවීය. මීට පෙර තිබූ සංකීර්ණ වගා කව සමඟ ඩග් සහ ඩේව්ගේ ආකෘතීන් නොගැලපේ. සෑම අවස්ථාවකදීම නිර්මාණය වඩාත් සංකීර්ණ වන තරමට වගා ආකෘති වඩාත් නරක විය. ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයක් සඳහා ඔවුන් සිදු කෙරූ ප්‍රදර්ශනයක දී වගා කවයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමට උත්සාහ කළ අතර එය සාර්ථක නොවිය. කාලයත් සමග ඔවුන්ගේ කතාව වෙනස් වීමට පටන් ගත්තේය.

ඔවුන් මුල් වරට වගා කවයක් නිර්මාණය කෙරූ වර්ශය ලෙස සදහන් කෙරුවේ 1976 වර්ශය ය. නමුත් පසුව එය 1975 ලෙසද ඊටත් පසුව 1978 ලෙසද වෙනස් විය. ඇත්ත වශයෙන්ම ඔවුන්ට සැබවින්ම වගා කව නිර්මාණය ආරම්භ කළ වසර ගැන එක් අදහසකට කිසි විටෙකත් එකඟ විය නොහැකි විය.
ඩග් බවර් සහ ඩේව් චෝර්ලි වගා කවයන් නිර්මාණය කළාද?
ඔව්...
කිහිපයක්...
නමුත් ඩග් සහ ඩේව් පාපොච්චාරණය කරන විට අවම වශටෙන් රටවල් 23 ක පමණ වගා කව 1500 ක් පමණ දක්නට තිබුණි. එය ඔවුන් දෙදෙනාට සිදු කිරීමට නොහැකි දෙයකි. වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් අනුගමනය කරමින් බොහෝ මිනිසුන් ව්‍යාජ වගා කව නිර්මාණය කරන ලදී. නමුත් මිනිසා විසින් නිර්මාණය කෙරූ මෙම වගා කව සහ සංකීර්ණ වගා ආකෘති අතර බොහෝ වෙනස්කම් හදුනා ගැනීමට හැකිය.
ඉතින් වගා කවයක් හෝ වගා ආකෘතියක් ප්‍රෝඩාවක් නොව පිටසක්වල නිර්මාණයක් බව තහවුරු කර ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් තිබෙනවාද?
එම ප්‍රශ්නයට පිළිතුර ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


