Skip to content

අලි සබ්‍රි ඉරානයේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරනවා.

අමාත්‍යවරයා අගෝස්තු 04 සිට 07 දක්වා නිල සංචාරයේ නිරත වීමට නියමිත අතර, එය ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව සිදුවන බව සඳහන්.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි මැතිතුමා හමුවීමට ද නියමිතයි.

එසේම, මෙම සංචාරයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

අමාත්‍යවරයා ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය  වැඩිදුරටත් කියා සිටි.

Latest