ජාතික අක්ෂි රෝහලේ සිදුවූ සැක සහිත මරණය හෘදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල පරිශ්‍රමයක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තික වේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
ශල්‍යකර්මයෙන් පසු කාන්තාවක් මිය යෑමේ සිද්ධියට අදාළ ඖෂධය කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන නමුත් එය පිළිගත හැකි මතයක් නොවන බව සෞඛ්‍ය වෘත්තික වේදීන්ගේ ජාතික ව්‍යාපාරය කියයි.
සෞඛ්‍ය යාන්ත්‍රණයේ වරදක් හෝ ඖෂධයක වරදක් තහවුරු කරන්න ජනතාවට හොහැකි බවත් ඒ සඳහා රටේ කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවත් ඒ නිසා ඕනෑම දෙයක් ඉවසාගෙන අහගෙන ඉන්න මහ ජනතාවට සිදුවී තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කීය.
ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සභාව රෝගීන්ගේ පැත්තෙන් අන්ධ වී ඇති බවත් ඒ නිසා රෝගීන්ට සෞඛ්‍ය සේවාවෙන් සිදුවන අකරතැබ්බයන් කියන්න තැනක් හදන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බවත්
රවී කුමුදේශ් මහතා පවසයි.