Skip to content

Air Seychelles මෙරට සමඟ සෘජු ගුවන් සේවා කටයුතු අරඹයි..

Credit to the original user 

සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එයාර් සීෂෙල්ස් (AIR SEYCHELLES)  ගුවන් සේවය, සීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කිරීම අද (ජූනි 21) සිට ආරම්භ කෙරිණ.

ඒ අනුව එරට සිට මෙරටට පැමිණි එයාර්බස් A320 වර්ගයට අයත් SEY262 දරණ මුල්ම ගුවන් යානය අද අළුයම 03.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීම සිදුවූ බව සඳහන්වේ.

මෙම ගුවන් යානය තුල වරකට ව්‍යාපාරික පංතියේ මගීන් 12 දෙනෙකුටද සාමාන්‍ය පංතියේ මගීන් 156 දෙනෙකුටද ගමන් කළ හැකි වන අතරම මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සතියකට සෘජු ගුවන් වාර දෙක බැගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව සෑම බදාදා සහ ඉරිදා දිනකම අළුයම 04.00 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ උදෑසන 07.30ට යලී සීෂෙල්ස් වෙත ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවට ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අද දින මංගල ගුවන් ගමනේ පැමිණි ගුවන් යානයේ කාර්‍ය් මණ්ඩලය 06දෙනෙකු ඇතුළු මගීන් 110 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගැනීමක් ද මෙහිදී සිදු කෙරිණ.

Latest