Skip to content

"AIR CHINA" යලි මෙරටට ගුවන් ගමන් අ‍රඹයි

ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මීට වසර තුනකට පමණ පෙර මෙරට ගුවන් ගමන් තාවකාලිකව නතර කර දැමු චීන ගුවන් සේවයක් වන Air China ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කරමින් (ජූලි 03) මුල්ම ගුවන් යානය ගොඩ බැස්සවීය.

ඒ සඳහා යොදවා තිබුනේ A 320 වර්ගයේ මගී ගුවන් යානාවකි. චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මෙම චීන ගුවන් සේවයේ CCA 425 දරණ ගුවන් යානය මගීන් 142 දෙනෙකු සහ කාර්‍යාල මණ්ඩලයේ 09 දෙනෙකුද සමගින්  ඊයේ රාත්‍රියේ 8.20ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කලේය.

මේ අනුව AIR CHINA ගුවන් යානය සතියේ සෑම සඳුදා, බදාදා  සහ සිකුරාදා දිනවල චීනයේ සිට මෙරටට (කටුනායකට)  රාත්‍රී 8.55ට පැමිණීමට නියමිත අතර යලිත් එදිනම රාත්‍රී 10.15 චීනයේ චෙන්ඩු නුවර ගුවන් තොටුපොළ වෙත පිටත් වීමට නියමිත වේ.

ඊයේ  මෙරටට පැමිණි එම ගුවන් යානයේ  මගීන් සහ කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළේ දී මහත් හරසරින් පිළිගනු ලැබිණ . ඒ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද එක්ව සිටියේය

Latest